පාර්ලිමේන්තුවේදි ඩයනාට ගහලාද?

511

සමගි ජනබලවේගය මන්ත්‍රී සුජිත් පෙරේරා මහතා පාර්ලිමේන්තු පුස්තකාලය අසල ඇති විදුලි සෝපානය ආසන්නයේදී තමාට පහරදුන් බවට රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය 20දා මැතිසබයේදී කීවාය.

ඇය එම කරුණ කියනවිට මේ පිළිබඳව සොයා බැලීමට පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10කට නවත්වන ලෙස අගමැතිවරයා ඉල්ලීමක් කළේය.

ඩයනා ගමගේ මහත්මිය එහිදී මෙසේ කීවාය.

මම දැන් පුස්තකාලයේ විදුලි සෝපානය අසලට යනවිට කාන්තා හිංසනයක් සිදු වුණා. සුජිත් පෙරේරා කියන සජබ මන්ත්‍රීවරයා මට පහර දුන්නා. මේ පල්ලෙහා ලයිබ්‍රිය ඉදිරිපිටදී දැනට පැය එකහමාරකට පමණ පෙරදියි. මේ ගැන මට කථානායකතුමා මගින් පරීක්‍ෂණයක් කරන්න ඕනෑ. මම මේ මන්ත්‍රීවරයාට විරුද්ධව පියවරක් ගන්නවා මේ සජබයේ මන්ත්‍රීවරුන්ට කාන්තාවන් සමග ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියකට පහර දෙන්න පුළුවන් නම් මොන කාන්තාවන් ගැන ද සජබය කතාකරන්නේ. කාන්තා මන්ත්‍රීවරියක් වන මට මේ පාර්ලිමේන්තුව තුළ පහර දෙනවා නම් වෙන මොන කතාද මේ ගැන අනිවාර්යයෙන් පරීක්‍ෂණයක් කරන්න ඕනෑ. මම මේකට විරුද්ධව පාරට බහිනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment