මට මේ තරම් දරාගැනීමේ හැකියාවක් නැහැ – උදාරි වර්ණකුලසූරිය

234

නෙතට කඳුළක් එක්කළ නෙළුම්

හිටපු කතානායක කරු ජයසූරියගේ දෙවැනි දියණිය ඉන්දිරා ජයසූරියගේ චරිතාපදාන සිනමා නිර්මාණය ‘ආසු මේ දිනවල රිදී තිරයේ දිගහැරෙනවා. මෙහි ඉන්දිරාගේ චරිතය නෙළුම් ලෙසින් යළි ජීවමාන කිරීමේ වගකීම භාරගන්නෙ රංගන ශිල්පිණී උදාරි වර්ණකුලසූරිය. ඇය කොහොමද මේ අත්දැකීමට මුහුණ දුන්නේ. අපි අහල බලමු.

● උදාරි” ‘ආසු. ට ලැබෙන්නේ මොන වගේ ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයක්ද?

ඇත්තටම ගොඩක් සුබදායි සහ සතුටුදායි ප්‍රතිචාර ලැබෙනවා වගේම චිත්‍රපයට නරඹලා හෝල් එකෙන් එළියට එන හැමෝගෙම නෙතේ කඳුළක් දකින්න ලැබෙනවා. මිනිස්සු අඬනවාට මම කැමති නැහැ. නමුත් මේ නිර්මාණයේ සංවේදී බව ප්‍රේක්‍ෂකයාට දැනුණා කියන සතුට මට තියෙනව.

මට මේ තරම් දරාගැනීමේ හැකියාවක් නැහැ - උදාරි වර්ණකුලසූරිය

● මෙහි ඔබ මවන චරිතය ගැන කතා කළොත්?

හිටපු කතානායක කරු ජයසූරිය මහත්මයාගේ දෙවැනි දියණිය ඉන්දිරා ජයසූරිය මහත්මියගේ චරිතය තමයි මම නිරූපණය කරන්නෙ. දැවැන්ත චරිතයක්. ඒක මට උවමනා විදිහට ඩිවලොප් කරන්න බැහැ. සැබෑ චරිතයට හානියක් නොවෙන්න අනුකරණය කිරීමක් තමයි මට කරන්න තිබුණේ. මේ නිසා ඇත්තටම මේ චරිතය ලොකු අභියෝගයක් වුණා. නමුත් මම හිතනව සාර්ථකව මම ඒ අභියෝගයට මුහුණ දුන්නා කියල. ඒ වගේම සංජීව පුෂ්පකුමාර මහත්මයාට ස්තූතිවන්ත වෙනව මං ගැන විශ්වාසය තියල මේ චරිතය සඳහා මාව තෝරාගැනීම සම්බන්ධව.

මට මේ තරම් දරාගැනීමේ හැකියාවක් නැහැ - උදාරි වර්ණකුලසූරිය

● චිත්‍රපටය නැරඹූ කරු ජයසූරිය මහත්මයා මොකද කිව්වෙ ඔබට?

එතුමාගේ නැතිවුණ දියණියගේ පුංචි කාලයේ මතක පවා නැවතත් අලුතින් මතක් වුණා කියල බොහොම සංවේදීම මගෙත් එක්ක කතා කළා.

● ජයසූරිය පවුලෙන් ඔබට ලැබුණ සහයෝගය මොන වගේද?

චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භ කරන මුල් කාලයේ පටන්ම කරු ජයසූරිය මහත්මයා වගේම එතුමාගේ වැඩිමහල් දියණිය ලංකා ජයසූරිය මහත්මිය” ඉන්දිරා ජයසූරිය මහත්මියගේ චරිතයට ආරූඩ වෙන්න මට ගොඩක් උදවු කළා. ඇය මොන වගේ සම්බන්ධයක්ද පවුලත් සමග තිබුණෙ” හැසිරීම් මොන වගේද” සහෝදරත්වය මොන වගේද” තාත්තා එක්ක තිබුණ බැඳීම මොන වගේද වගේ දේවල් මට හරි හැටි අවබෝධ කරගන්න ඔවුන්ගේ උදව් ගොඩක් වැදගත් වුණා.

මට මේ තරම් දරාගැනීමේ හැකියාවක් නැහැ - උදාරි වර්ණකුලසූරිය

● නෙළුම් ගේ චරිතයට ඔබට ආරාධනය ලැබෙන්නෙ කොහොමද?

සංජීව අයියා මට කතාකරල කියනව” අපි මේ වගේ ලොකු වැඩක් කරනව ඒකට ඔයාවයි අපිට ඕන කරන්නෙ කියල. නමුත් මගේ කාර්යබහුලත්වයත් එක්ක විදෙස්ගතවීමට සිදුවීමෙන් මට ඒ අවස්ථාව මගහැරෙනවා. නමුත් අධ්‍යක්‍ෂවරයා නෙළුම්ගේ චරිතයට මාවමයි දකින්න ඇත්තෙ. මොකද වෙනත් නිළියක් තෝරාගන්න ඔඩිෂන් කරල තිබුණත් ඔහුට සෑහීමකට පත්වෙන්න පුළුවන්වෙලා නැහැ. අවසානයේ මම නැවත ලංකාවට එනතුරු බලාගෙන ඉඳල මාව මුණගැහිල කතාබහ කරල තමයි මේ නිර්මාණයට සූදානම් වුණේ.

● උදාරි චරිතය වෙනුවෙන් මෙවැනි රෝගීන් ගැන අධ්‍යයනයක් කළාද?

අනිවාර්යයෙන්ම… සංජීව පුෂ්පකුමාර මහත්මයා මට ගොඩක් උදව් කළා ඔහු බලාපොරොත්තු වන දේ මගෙන් ගන්න. එක එක රෙෆරන්ස් මූවී බැලුවා. ඊට අමතරව මම පිළිකා රෝහලට ගිහින් ඒ රෝගීන්ව අධ්‍යයනය කළා. ඒ වගේම මගේ යහළුවකුගේ අම්මාත් මේ වගේම අසනීප වෙලා හිටියා මහරගම අපේක්‍ෂා රෝහලේ. ඇය බලන්න ආ ගිය අවස්ථාවලදි මම දැක්කා කිමෝ තෙරපි ඇඟට යද්දි ඔවුන්ගේ හැසිරීම” වේදනාව මොන වගේද කියල. කාලයත් එක්ක ශරීරය දුර්වල වෙන හැටි” හිතේ දුක වේදනාව හිරකරගෙන පවුලේ අයට නොපෙන්වා ඉන්න උත්සාහ කරන හැටි වගේම ඔවුන්ගේ සියුම් හැසිරීම් පවා මට දකින්න පුළුවන් වුණා. මේ අත්දැකීම් මට ලොකු රුකුලක් වුණා නෙළුම්ගේ චරිතයට සාධාරණයක් කරන්න.

● මේ අත්දැකීම් එක්ක සංසංදනය කරන විට ඉන්දිරා ජයසූරිය මොන වගේ චරිතයක්ද?

ඇත්තටම මෙවැනි රෝගයක් වැළඳීම කියන්නෙ ලොකු ඛේදවාචකයක්. පෞද්ගලිකව මට මේ තරම් දරාගැනීමේ හැකියාවක් නැහැ. නමුත් ඉන්දිරා ජයසූරිය මහත්මිය කොයිතරම් ශක්තිමත් කාන්තාවක්ද. ඇය ධනාත්මකව හිතල තමන්ගේ මරණයට සුබවාදීව මුහුණ දුන්න ගැහැනියක්. මවක්” බිරිඳක්” දියණියක් හැටියට පවුලේ අයට ඒ දුක අවමව දැනෙන විදිහට වැඩකරල තමන්ගේ මරණය සුබවාදීව සැලසුම් කරනව. මේ තරම් ශක්තිමත් ගැහැනියක් ගැන අපිට මේ වකවානුවේ අහන්නවත් ලැබිලා නැහැ.

මේ චරිතයට දායක වීමට ලැබීම ඔබ අද දකින්නෙ මොන විදිහටද?

ඇත්තටම මේ චරිතයට දායක වීමට ලැබීම ගැන පෞද්ගලික ජීවිතයේ වගේම වෘත්තීයමය ජීවිතයේත් මම ගොඩක් තෘප්තිමත්.

● මේ චරිතය වෙනුවෙන් ඔබ කළ කැප කිරීම මොන වගේද?

නෙළුම්ගේ චරිතය වෙනුවෙන් මට ගොඩක් කැප වෙන්න සිදු වුණා. විශේෂයෙන්ම කියන්න ඕන” මට දිගු කොණ්ඩයක් තියෙන්නෙ. එතනදි කෙස් රහිතව හිස හදන්න සම්පූර්ණයෙන්ම කොණ්ඩය අලවන්න සිදු වුණා. ඒකට පැය දොළහක පමණ කාලයක් යනවා. එතැනින් පස්සෙ මොන අවශ්‍යතාවක් වුණත් මට ඔළුවට ඇඟිල්ලක්වත් තියන්න බැහැ. ඒ හැම අපහසුවක්ම ඉවසා දරාගෙන ඉන්න සිදු වුණා. කාර්මික මණ්ඩලයෙන්” සෙසු රංගන ශිල්පීන්ගෙන් වගේම වේශ නිරූපණය පැත්තෙන් නාරද අයිය ලොකු සහයෝගයක් ලබා දුන්නා.

● සම්මානයක් ගැන බලාපොරොත්තුවක් තියෙනවද?

සම්මාන බලාගෙන මම කිසිම නිර්මාණයකට දායක වෙලා නැහැ. නමුත් සාධාරණයක් කරන්න පුළුවන්නම් විතරයි නිර්මාණයකට දායක වෙන්නෙ. මේ තාක් දුරට අගැයීමට ලක් වුණ ජනප්‍රියම නිළිය” හොඳම නිළිය වැනි සම්මාන මට පෙර බලාපොරොත්තුවක් ඇතුව හිමි වුණ දේවල් නොවෙයි.

● පොපියුලර් එවෝඩ් සම්මාන උළලේ ජනප්‍රියම නිළිය සම්මානයත් ඔබට හිමි වෙනවා?

ඔව්” මේක අලුත් සම්මාන උළෙලක්. මෙහිදී සිනමා අංශයේ ජනප්‍රියම නිළියට හිමි සම්මානය තමයි මට ලැබෙන්නෙ.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment