ජීවානුහරණ ද්‍රාවණයක් නැතිව එන්ඩෝස්කොපි අවදානමේ

69

වෛද්‍ය හා ශල්‍ය උපකරණවල විෂබීජහරණයට යොදා ගන්නා ජීවානුහරණ ද්‍රාවණ නොමැතිකම නිසා ඇතැම් රෝහල්වල එන්ඩෝස්කොපි ඇතුළු පරීක්‍ෂණ සිදුකිරීමට නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි සමස්ත ලංක වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර හා සභාපති විශේෂඥ වෛද්‍ය කේ. ජී. අජිත් කුමාර, සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට යවා ඇති ලිපියකින් කියන්නේ මේ තත්ත්වය ප්‍රමාද වූ විට ප්‍රතිකාර කළ නොහැකි වන සමහර පිළිකා වැනි රෝග තත්ත්වයන් පැතිරීමටද බලපා හැකි අනතුරක් තිබෙන බවය.

එමෙන්ම දැඩි සත්කාර ඒකක තුළදී රෝගීන්ට දිය යුතු බොහෝ ප්‍රතිජීවක ඖෂධ සඳහා ප්‍රති විරෝධයන් සහිත රෝගකාරක විශේෂයෙන් ශ්වසන මාර්ගයට ඇතුළුවී නිව්මෝනියා තත්ත්වයන් ඇතිවීමේ බරපතළ අවදානමක්ද පවතින බවද එහි දැක්වේ.

මෙම රසායනික ද්‍රව්‍ය මිලදී ගැනීමට පෞද්ගලික අංශයේද නොමැතිකම ගැනද පෙන්වා දෙන එම සංගමය එම අඩුව වහාම සපුරාදෙන ලෙසද ඉල්ලා තිබේ.

චමින්ද සිල්වා, ප්‍රදීප් සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment