ගෙදර ඉඳලාම ඇතැම් මානසික රෝග: දරුවන් පාසල් යවන්න… විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

187

‘‘අද බොහෝ දරුවන් නිවෙස් තුළටම කොටු වී සිටීම නිසා ආතතිය, විශාදය වැනි මානසික රෝගවලට ගොදුරු වී සිටිනවා. ඒ

වගේම දරුවන් ප‍්‍රචණ්ඩ වෙලා. මේ නිසා සෞඛ්‍යාරක්ෂිතව දරුවන් පාසල් යැවීමට දෙමාපියන් උනන්දු විය යුතුයි’’ යැයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (22 දා* පැවසීය. කොවිඞ් එන්නත ලබාදුන්නත්, නොදුන්නත් දරුවන් පාසල් යැවීම ඉතාම සුදුසුම කි‍්‍රයාව බව ද හෙතෙම කියා සිටියේය.

මෙහිදී තවදුරටත් කතා කළ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මෙසේ ද කීය. දරුවන් මේ වෙලාවේ හුඟක් මානසිකව වැටිලයි ඉන්නේ. කොරෝනා වසංගතය හේතුවෙන් හුඟක් දරුවන් ගෙවල්වලටම කොටු වුණා. සමහරක් දරුවෝ ජංගම දුරකථනයට, ටැබ් එකට ඇබ්බැහි වුණා. සමහර දරුවන් ප‍්‍රචණ්ඩ වුණා. තවත් දරුවන්ට කේන්ති යනවා. තවත් දරුවන් මානසික රෝගීන් වෙලා. තවත් දරුවන් ආතතිය, විශාදය වැනි රෝගවලින් පෙළෙනවා. මේ නිසා පාසල් ආරම්භ වීම ඉතා වැදගත්. දෙමාපියන්ට කියන්නේ දරුවන් පාසල් යවන්න කියලයි. එතකොට දරුවන්ගේ මානසික සෞඛ්‍ය වර්ධනය වෙනවා. දරුවන් මේ වෙලාවේ විනෝද ගමන්, ම`ගුල් ගෙවල්වල, සාප්පු සංකීර්ණවල අරන් යන්න එපා. දරුවන්ට හැකි තරම් පාසල් පරිසරය හුරු කරවන්න. අවුරුදු 1 1/2 ක් තිස්සේ ගෙවල්වලටම කොටුවුණු පාසල් දරුවන්හට සෞඛ්‍ය පුරුදු ගැන දැනුවත් කර පාසල් යවන්න කියලා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment