රටින් එවන සල්ලි 75% කින් ඉහළට – ඇමැති රංජිත් සියඹලාපිටිය

159

පිටරටවල රැකියාවන්හි නියුතු ශ්‍රී ලාංකිකයන් මෙරටට එවනු ලබන මුදල් (විදෙස් ප්‍රේෂණ) 2022 වසරට සාපේක්‍ෂව මෙම වසරේ (2023) සියයට 75 කින් වර්ධනය වී ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

මෙම වර්ධනය රටක් වශයෙන් ඉතා වැදගත් කාරණාවක් බවත්, එය රට පිළිබඳව ඔවුන්ගේ විශ්වාසය නැවතත් තහවුරු වීමක් ලෙස හැඳින්විය හැකි බවත් හෙතෙම කීවේය.

මීට පෙර විදෙස්වල සිටින අය විදෙස් මුදල් නොඑවා සිය පවුල්වල සාමාජිකයන් ද එම රටට ගෙන්වා ගැනීමට උත්සාහ කළ ද මේ වනවිට එම තත්ත්වය වෙනස් වී තිබෙන බව ඉන් පෙනී යන බවත් ඒ මහතා පැවසීය.

එය රට පිළිබඳ යහපත් ශ්‍රේණිගත කිරීමක් බව ද මුදල් රාජ්‍ය ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ දී පසුගියදා (19 දා) කියා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment