ෆවුසි 7 වැනිදා මැතිසබයට

108

කොළඹ දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට හිටපු ඇමැතිවරයකු වූ ඒ.එච්.එම්. ෆවුසි මහතා ලබන මස (පෙබරවාරි) 07 වැනිදා මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දීමට නියමිතය.

එදින පාර්ලිමේන්තු කටයුතුවල ප්‍රමුඛ අංගය ලෙස අභිනව මන්ත්‍රී දිව්රුම් දීම සිදු වනු ඇත.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී සමගි ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ ඒ මහතා එම පරාජිත ලැයිස්තුවේ ඉහළින්ම සිටී. එබැවින් මුජුබර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අසුන ෆවුසි මහතාට නිසැක වශයෙන්ම ලැබෙන අතර ඔහුට පසුව එම ලැයිස්තුවේ පසුවන්නේ හිටපු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියයි.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment