මගේ කාලය ඉවරයි – මං ගියත් අරගල නතර වෙන්නේ නෑ

422

මුදලිගේ කියයි

අන්තරේ මගේ කාලය ඉවරයි. සරසවි සිසුන්ගේ ගැටලු විතරක් නොවෙයි රටේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් හඬක් නැඟුවා. ඒ වෙනුවෙන් ගුටි කෑවා රිමාන්ඩ් එකේ හිටියා. කලකිරීමෙන් නෙමෙයි මම යන්නේ. දැන් අලුතෙන් පත්වුණු මධුෂාන් සොයුරාත් මේ විසඳිලා නැති ගැටලු ගැන හඬ නඟයි කියලා විශ්වාසයි. මා ඔහුට සුබ පතනවා‘ යැයි අන්තර් විශ්වවිiාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ ‘දිවයින’ට ඊයේ (21 දා) පැවසීය.

තනතුරින් අස්වුණේ කලකිරීමෙන්ද යන්න විමසූ අවස්ථාවේ ඔහු එසේ කියා සිටියේය.

මම අන්තරේ කැඳවුම්කරු විදිහට තේරී පත්වුණේ 2021 මාර්තු 6 වැනිදා. එදා ඉඳන් විශ්වවිiාලවල ඉගෙන ගන්න සහෝදර සහෝදරියන්ගේ ප්‍රශ්න විතරක් නෙවෙයි දුක් විඳින ජනතාවගේ ගැටලු ගැනත් කතා කළා. ඒ විතරක් නෙවෙයි මාව මාස ගණනක් සිරගත කළා. මාව මරන්න සැලසුම් කළා. ඒ හැම අභියෝගයකටම නොසැලී මුහුණ දුන්නා.

මහින්දලා වගේ පුටුවේ ඉන්න මට ආසාවක් තිබුණේ නැහැ. මම සතුටින් මේ යන්නේ. මොකද අන්තරේ ශක්තිමත් නායකයන් පිරිසක් ඉන්නවා. ඔවුන්ට අවස්ථාව දෙන්න ඕනෑ. ඒ එක නායකයෙක් තමයි මධුෂාන් කියන්නේ. මං ගියා කියලා අරගල නතර වෙන්නේ නැහැ. මේ ගැටලුවලට විසඳුම් ලැබෙනකම් ඒවා දිගටම පවතීවි. මමත් ඉදිරියේදී රටේ ජනතාව වෙනුවෙන් හඬ නඟනවා. මෙතනින් ගියා කියාල ඒවා නතර වෙන්නේ නැහැ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment