කතරගම ප්‍රා. සභාව විසුරුවයි – පාලන බලය පළාත් පාලන කොමසාරිස්වරයකුට

108

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමිව තිබූ කතරගම ප්‍රාදේශීය සභාව ඉකුත් 22 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හැරීමට නියෝග කරමින් ඌව පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. එම්. මුසම්මිල් මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව පසුගිය 10 වැනිදා එම ප්‍රාදේශීය සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවමින් එහි සභාපතිවරයා සහ මන්ත්‍රීවරුන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදුකිරීම සඳහා පත්කළ විශ්‍රාමලත් අධිකරණ විනිසුරු එච්. එම්. ආර්. අනුර කුමාර මහතාගේ පරීක්‍ෂණ වාර්තාවේ කරුණු සැලකිල්ලට ගනිමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගත් බව ඌව ආණ්ඩුකාර ඒ. ජේ. එම්. මුසම්මිල් මහතා ‘දිවයින’ට පැවසීය.

නව ප්‍රාදේශීය සභාවක් සංස්ථාපනය කරන තෙක් හෝ නැවත නියමයක් කරන තෙක් කතරගම ප්‍රාදේශීය සභාවේ බලතල ක්‍රියාත්මක කිරීමට සහ කාර්යන් ඉටුකිරීම සඳහා මොනරාගල සහකාර පළාත් පාලන කොමසාරිස්වරයාට බලය පැවරීමට ද ආණ්ඩුකාරවරයා කටයුතු කර ඇත.

චමින්ද සිල්වා සහ සහන් දේවප්‍රිය -කතරගම

advertistmentadvertistment
advertistmentadvertistment