ආණ්ඩුවට ගිය 9 දෙනාටත් මෛත්‍රීගෙන් පෙම් හසුන්

122

ආණ්ඩුවට සහය ලබාදෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් නම දෙනාට ලබන 15 වැනිදා පැවැත්වෙන එම පක්‍ෂ විධායක සභාවට සහ සමස්ත ලංකා කාරක සභාවට සහභාගි වන ලෙස ලිඛිතව දැනුම් දී ඇතැයි පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

පක්‍ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව මෙසේ එම මන්ත්‍රීවරුන් නම දෙනාට ලිඛිතව දැනුම් දී ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

පක්‍ෂ ව්‍යවස්ථාවට පිටින් කටයුතු කිරීම හා නීති රීති උල්ලංඝනය කරමින් ආණ්ඩුවට සහය දක්වා ඇමැති ධුර ලබාගැනීම හේතුවෙන් එම මන්ත්‍රීවරුන් නම දෙනාගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබුණි.

මෙලෙස අදාළ මන්ත්‍රීවරුන් නම දෙනාට ආරාධනා කරනවා නම් පක්‍ෂ සාමාජිකත්වය තහනම් කර ඇති හිටපු ජනාධිපතිවරියක වන සහ පක්‍ෂයේ හිටපු සභාපතිවරියක වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියටද විධායක සභාවට සහ සමස්ත ලංකා කාරක සභාවට සහභාගී වන ලෙස ආරාධනා කළ යුතු යැයි පක්‍ෂයේ මහ ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment