මිදුල අතුගාමින් සිටි කතගේ රන් මාලය කඩාගෙන

232

උදෑසන මිදුල අතුගාමින් සිටි කාන්තාවකගේ රුපියල් තුන්ලක්ෂ හැත්තෑ දහසක් වටිනා රන් මාලයක් කඩාගෙන පැන දිවූ සැකකරුවකු මෙම මස 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොළ මහේස්ත්‍රාත් නාමල් පෙරේරා මහතා නියම කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත වූයේ මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

ගම්පොල කිරින්ද ගල්ගෙඩියාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක ගෙළ බැඳි රන් මාලය මොහු කඩා ගෙන තිබුණි.

මෙම කාන්තාව උදෑසන මිදුල අතුගාමින් සිටියදී පුද්ගලයෙකු පිළිබඳව තොරතුරක් අසන මුවාවෙන් ඇය ළඟට විත් ඇය ගෙළ බැඳ තිබූ පවුම් තුනහමාරක් වටිනා රන් මාලය මෙසේ කඩා ගෙන ඇත.

ඇයගේ කෑගැසීමට අවට සිටි පිරිස් විසින් පැන දුව යමින් සිටි මෙම සැකකරු අල්ලා මාර්ගය අයිනේ තිබූ විදුලි කණුවක ගැටගසා පසුව ඒ පිළිබඳව ගම්පල පොලිසිය වෙත දන්වා තිබුණි.

පොලිසිය පැමිණ ඔහු ළඟ තිබූ රන් මාලය සොයාගෙන තිබූ අතර පසුව මෙසේ සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment