මෙහෙකාර දැරියකට අතවර කිරීමේ නඩුවට රිෂාඩ්ගේ මස්සිනාට ඇප

159

රිෂාඞ් බදුර්දීන් මහතාගේ නිවසේ සේවය කළ තවත් බාල වයස්කාර දැරියක් 2016 වසරේදී අවස්ථා දෙකකදී දූෂණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ රිෂාඞ් බදුර්දීන් මහතාගේ බිරි`දගේ සොහොයුරු සැකකාර කිදර් මොහොමඞ් සියාබ්දීන් අස්මත් නමැත්තා රුපියල් ලක්‍ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඊයේ (16 දා) නියෝග කළේය.

ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලට හෝ වින්දිත දැරියට හෝ ඇගේ ඥාතීන්ට කිසිදු බලපෑමක් සිදුනොකරන ලෙසත් එවැනි බලපෑමක් කළ බවට පැමිණිලි ලදහොත් ඇප නියෝගය අවසන් කොට නඩු විභාගය අවසන් වනතුරු රක්‍ෂිත බන්ධනාගාර ගතකරන බවටත් තරයේ අවවාද කළ මහෙස්ත‍්‍රාත්වරයා එම ඇප නියෝගය නිකුත් කළේය.

සැකකරුගේ විදේශ ගමන් බලපත‍්‍රය අධිකරණය භාරයේ තැන්පත් කරනා ලෙසටත් එහිදී නියෝග කළ මහෙස්ත‍්‍රාත්වරයා සැකකරු විදේශගතවීම වළක්වන නියෝගයක් ද එහිදී නිකුත් කළේය.

සිය සේවාදායකයාට එල්ල කර ඇත්තේ මෙයට දීර්ඝ කාලයකට පෙර සිදු කළේ යැයි කියන සිද්ධියකට අදාළ චෝදනා බවත් එකී වරද සිදු කළ නිශ්චිත දිනයක් හෝ අධිකරණ වෛi වාර්තාවක් හෝ විමර්ශන නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවත් අවම වශයෙන් වින්දිත දැරියගෙන් ලබාගත් ප‍්‍රකාශයක් හෝ අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවත් සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ හේමන්ත ගමගේ මහතා අධිකරණයට පෙන්වා දුන්නේය. එකී කරුණු අනුව සැකකරුට එරෙහිව මහාධිකරණය හමුවේ නඩුවක් පවරා පවත්වාගෙන යෑම ද අවිනිශ්චිත බවද අධිකරණයට පෙන්වා දුන් නීතිඥ හේමන්ත ගමගේ මහතා සැකකරු ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එකී දූෂණය සිදු කළේ යැයි කියන නිශ්චිත දිනයන් පිළිබඳ අනාවරණය කරගැනීම සඳහා වින්දිත තරුණියගෙන් ප‍්‍රකාශ සටහන් කර වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිත බැවින් හා එකී සිද්ධිදාමය සම්බන්ධයෙන් රට පුරා විරෝධතා හා උද්ඝෝෂණ පවතින බැවින් සැකකරු ඇප මත මුදා නොහරින ලෙස කුරු`දුවත්ත පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පැමිණිල්ල පෙන්වා දෙන පරිදි එවැනි වරදක් සිදුවූවානම් එය ඉතා බරපතළ කරුණක් බව තම අධිකරණය ද පිළිගන්නා නමුත් යම් සැකකරුවකු රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නීත්‍යානුකූල පදනමක් තිබිය යුතු බවත් මේ වන විට අධිකරණයට ඉදිරිපත් වී ඇති කරුණු එම සැකකරු රක්‍ෂිත බන්ධනාගාර භාරයට පත් කිරීමට ප‍්‍රමාණවත් නොමැති බවත් පෙන්වා දුන් ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා එම ඇප නියෝගය නිකුත් කළේය.

නීතිඥ වසීම් අක‍්‍රම් මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සම`ග ජ්‍යෙෂ්ඨ නීතිඥ හේමන්ත ගමගේ මහතා සැකකරු වෙනුවෙන් පෙනී සිටියේය.

එම නඩුව ලබන දෙසැම්බර් 6 වැනිදා යළි කැ`දවීමට ද මහෙස්ත‍්‍රාත්වරයා එහිදී දින නියම කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment