ගිය අවුරුද්දේ තුන් ලක්ෂයක් රට රැකියාවලට ගිහින්

122

2022 වර්ෂයේ දී මෙරට පුද්ගලයන් තුන්ලක්‍ෂ එකොළොස් දහස් පනස්හය දෙනකු විදේශගත වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වේ.

ඉන් පුද්ගලයන් 14307 දෙනකු වෘත්තීය මට්ටමේ රැකියා සඳහා විදේශගත වී ඇත.

වෘත්තිය මට්ටමේ රැකියා සඳහා විදේශගත වූ පුද්ගලයන්ගෙන් 12,841 දෙනකු, පිරිමි පුද්ගලයන් වන අතර 1466 දෙනෙක් කාන්තාවෝය. එමෙන්ම 2022 වර්ෂයේ දී ලිපිකරු ආශ්‍රිත රැකියාවන් සඳහා විදේශගත වී ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 12134කි. පුහුණු ශ්‍රමිකයින් ලෙස 92836 දෙනකු, අර්ධ පුහුණු ශ්‍රමිකයන් ලෙස 4133 දෙනකු, නුපුහුණු ශ්‍රමිකයන් ලෙස 105,509 දෙනකු විදේශගත වී ඇති බව මෙම වාර්තාවේ සඳහන් වෙයි. ගෘහ සේවිකාවන් ලෙස කාන්තාවන් 74007 දෙනකු විදේශගත වී ඇත. මධ්‍යම මට්ටමේ රැකියා සඳහා පුද්ගලයන් 8130 දෙනකු විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment