මතීෂ දිල්ලි කැපිටල්ස් හිර කරයි

495

ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ අද පැවැති චෙන්නායි සුපර් කිංග්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර තරගයේ දී ජයග්‍රහණය සදහා ලකුණු 168ක ඉලක්කයක් හඹා ගිය දිල්ලි කැපිටල්ස්ට සිය පන්දු වාර 20 අවසානයේ දී ලබාගත හැකි වූයේ කඩුලු 08ක් දැවී ලකුණු 140ක් පමණි. ඒ අනුව චෙන්නායි සුපර් කිංග්ස්ට ලකුණු 27ක ජයක් හිමි විය. පන්දු යැවීමේදී මතීෂ පතිරණ සිය පන්දු වාර 04 තුළ ලකුණු 37කට කඩුලු 03ක් ලබා සිය කණ්ඩායමේ ජය තහවුරු කිරීමට දායක විය. දිල්ලි කැපිටල්ස්ට වෙනුවෙන් රිලී රොසොවි 35ක් සහ මතීෂ් පාණ්ඩේ 27ක් ලෙස ලකුණු ලබා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment