නල්ලූර් සමුළුවට මාවෙයි සේනාධිරාජා නොපැමිණීම ගැන උතුරේ මතභේද

192

දෙමළ දේශපාලන පක්ෂ හයක ප‍්‍රධානත්වයෙන් යාපනයේ නල්ලූර් ප‍්‍රදේශයේ පෙරේදා (16 දා) පැවති විශේෂ සමුළුවට ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා සහභාගි නොවීම පිළිබඳව දැඩි මතභේදාත්මක තත්ත්වයක් සෙසු පක්ෂ අතර හටගෙන තිබේ.

මෙම විශේෂ සමුළුව සඳහා ආරාධනය කළ අවස්ථාවේදී මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත‍්‍රීවරයා එම ආරාධනය ස්ථිර වශයෙන්ම සනාථ නොකළ බව කී යාපනයේ දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත‍්‍රීවරයකු, ඔහු සුමන්තිරන් මන්ත‍්‍රීවරයා සමග යාපනයේදී පෙත්සමකට අත්සන් ලබා ගැනීමේ කටයුත්තට සහභාගි වී සිටි බවද කියා සිටියේය.

නමුත් ඒ සඳහා ගතවූයේ ඉතා සුළු කාලයක් පමණක් බව කී ඔහු, මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත‍්‍රීවරයා වුවමනාවෙන්ම මේ සමුළුව මඟගරින ලද බවට කතා බහක් මේ වනවිට පක්ෂය තුළ ගොඩ නැඟී ඇතැයි පැවසීය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment