නිව් ඇන්තනීස් සමූහය, නව ආහාර සැකසුම් මධ්‍යස්ථානයක් සමඟින් නිෂ්පාදන ධාරිතාව තවත් පුළුල් කරයි

73

නිරන්තරයෙන්ම නවෝත්පාදනය සහ තිරසාරභාවය පිළිබඳ අවධානය යොමුකරන මෙරට ප්‍රමුඛතම මාංශ ආහාර නිෂ්පාදන සමාගමක්වන නිව් ඇන්තනීස් ෆාම්ස් (පුද්ගලික) සමාගම පසුගියදා තවත් මාංශ ආහාර සැකසුම් මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පියවර ගත්තේය.

මෙම නව පහසුකමත් සමඟ පාරිභෝගික අවශ්‍යතාවන්ට අනුව ටොන් 200කට අධික ධාරිතාවක මාංශ ආහාර නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීමේ හැකියාව සමාගමට හිමිවෙයි.

කලින් පිසින ලද ශීතකල මාංශ නිෂ්පාදන ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට හඳුන්වා දීමෙහිලා පුරෝගාමී මෙහෙයක් ඉටුකිරීමට නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගමට හැකිවී තිබේ. ඊට අමතරව මස් පදම් කිරීමට උපකාරීවන නිෂ්පාදන ඇතුළු තවත් නිෂ්පාදන පෙළක්ම නිව් ඇන්තනීස් නාමය යටතේ වෙළෙඳපොළට හඳුන්වාදී තිබේ.

මෙසේ නිෂ්පාදන ධාරිතාව වැඩිකිරීම හරහා දේශීය වෙළෙඳපොළට අමතරව විදෙස් වෙළෙඳපොළවල් වෙතද වැඩි සැපයුමක් සිදුකරමින්, උසස් තත්ත්වයෙන් යුත් නිරෝගී කුකුළු මස් නිෂ්පාදන ශ්‍රී ලංකාවේ සිට ලෝකයට අපනයනය කිරීමට ද හැකිවනු ඇත.

මෙම නව නිෂ්පාදන මධ්‍යස්ථානය අපජල ප්‍රතිචක්‍රීයකරණය ඇතුළු උපරිම පරිසර හිතකාමී පියවර අනුගමනය කරමින් නිර්මාණය කර තිබීම ද විශේෂත්වයකි. ශ්‍රී ලංකාව තුළ හරිතාගාර වායු සහතිකකරණය හිමි සහ ෂීධ 14064-1:2018 ප්‍රමිති සහතිකය හිමි එකම මාංශ ආහාර නිෂ්පාදකයා වන්නේ ද නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම ය.

advertistmentadvertistment
advertistmentadvertistment