දුරකථන, අන්තර්ජාල, රූපවාහිනී සේවා ගාස්තු ඉහළ දමයි

138

දුරකථන, අන්තර්ජාල, රූපවාහිනී සේවා ගාස්තු අද (05 දා) සිට ඉහළ දමා තිබේ.

රජය විසින් වැට් බදු ඉහළ දැමීම නිසා ජංගම දුරකථන, ස්ථාවර, බ්‍රෝඩ්බෑන්ඩ් සඳහා සියයට 20 ක් ද, පියෝටීවී සේවා ගාස්තු සියයට 25 කින් ද ඉහළ දමා තිබේ.

ඩොලරයේ අගය දිගින්දිගටම වැඩිවීම නිසා දුරකථන සමාගම්වල මෙහෙයුම් පිරිවැය ඉහළ යෑම හේතුවෙන් තම සේවා ගාස්තු වැඩි කිරීමට සිදුවූ බව එම සමාගම් ප්‍රකාශ කර සිටී. මෙසේ සේවා ගාස්තු ඉහළ දැමීමට විදුලි සංදේශ කොමිෂන් සභාව විසින් අවසර ලබා දී තිබේ.

චමින්ද සිල්වා

 

advertistmentadvertistment
advertistmentadvertistment