අභියෝගාත්මක කාල පරිසරයකදීත් මහජන බැංකුව සිය ස්ථාවරත්වය තව තවත් තහවුරු කරගනී

82

මහජන බැංකුව 2022 දෙසැම්බර් 31 න් අවසන් වූ වසර සඳහා ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ අතර, ඒ අනුව මුළු ඒකාබද්ධ දළ ආදායම, මුළු මෙහෙයුම් ආදායම සහ බදු පෙර ලාභය පිළිවෙලින් රුපියල් බිලියන 391.2 ක්, රුපියල් බිලියන 130.0 ක් සහ රුපියල් බිලියන 26.7 කි. (2021: රුපියල් බිලියන 236.8, රුපියල් බිලියන 110.7 සහ රුපියල් බිලියන 37.2).

මූලික වශයෙන් පැවති අසාමාන්‍ය ඉහළ පොලී අනුපාත පරිසරයක් පිළිබිඹු කරමින් – සමාලෝචිත වර්ෂය තුළ ඒකාබද්ධ පොලී ආදායම රුපියල් බිලියන 351.4 දක්වා 58.0% කින් ඉහළ ගිය අතර, ණය සඳහා අදාළ කාලීන තැන්පතුවල වඩා වේගවත් කාලීන තැන්පතු සඳහා ප්‍රතිමිලකරණය පිළිබිඹු කරමින්, පොලී වියදම් රුපියල් බිලියන 260.4 දක්වා 107.5% කින් ඉහළ ගියේය. සාමාන්‍යයෙන් ක්ෂේත්‍රය තුළ දක්නට ලැබෙන පරිදි, මහජන බැංකුවේ බොහෝ කාලීන තැන්පතු මාස ​​12ක් හෝ ඊට අඩු කල් පිරෙන කාලීන තැන්පතු වේ. ඊට අමතරව, බැංකුව සහ සමූහය තම වඩාත් අවදානමට ලක්විය හැකි ගනුදෙනුකාර කොටස් සුරැකීම සහ ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ගේ ණයවල යම් ප`්‍රතිමිලකරණය ප්‍රමාද කරමින් හෝ විලම්භනය කරමින් පොලී පිරිවැය වැඩි කිරීමට උරදී ඇත. මේවා තුළින් සාමූහිකව ඒකාබද්ධ ශුද්ධ පොලී ආන්තිකය රුපියල් බිලියන 91.0 (2021: රුපියල් බිලියන 96.9) දක්වා 6.0% ක වර්ධනයක් පෙන්වන ලදී.

ඒකාබද්ධ ශුද්ධ ගාස්තුවල 81.1% ක වැඩිවීමක් සහ රුපියල අවප්‍රමාණය වීම නිසා ඇති වූ අසාමාන්‍ය බලපෑම හේතුවෙන්, බැංකුවේ අරමුදල් නොවන ආදායම 2022 වසර තුළ එහි සමස්ත මෙහෙයුම් ආදායමෙන් 30.0% ක් (2021: 12.5%) සඳහා දායක විය. බැංකුවේ ස්වාධීන පදනමකින් ගාස්තුවල වැඩිවීම් හැරුණු විට, වර්ධනය තවදුරටත් 26.1% හි ශක්තිමත්ව පැවති අතර, සීග්‍රයෙන් වෙනස්වන පොළී අනුපාත පරිසරය තුළද, අවසානයේ දී බැංකුවේ අරමුදල් නොවන ආදායම් මූලාශ්‍ර වාර්ෂිකව අඛණ්ඩව සහ ඉතා ක්‍රමානුකූලව වර්ධනය කිරීමට බැංකුව දරන උත්සාහය ඉන් පෙන්නුම් කරයි.

සමාලෝචිත වර්ෂය තුළ 70.0% ට ආසන්න වූ ඉහළ උද්ධමන පීඩනය පිළිබිඹු කරමින්, මුළු ඒකාබද්ධ මෙහෙයුම් වියදම් රුපියල් බිලියන 59.0 (2021: රුපියල් බිලියන 50.5) දක්වා 16.8% කින් ඉහළ ගිය අතර, ඉන් සාධාරණ ලෙස හැකි සෑම අවස්ථාවකදීම සිදු කරන ලද විචක්ෂණශීලී පිරිවැය පාලනය සහ කාර්යක්ෂමතා වර්ධනයන් පිළිබිඹු කරයි. මෙය ක්ෂේත්‍රයේ අනෙකුත් බැංකු සමඟ මනා ගැලපීමක් ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, බොහෝ සීමාකාරී තත්ත්වයන් මධ්‍යයේ වුවද 2021 මට්ටම්වලට ආසන්නව සිය ආදායමට පිරිවැය අනුපාත සාර්ථක අයුරින් පවත්වා ගැනීමට බැංකුවට සහ සමූහයට හැකි විය.

මෙම මූල්‍ය ප්‍රතිඵල පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා : ‘සාර්ව ආර්ථික දෘෂ්ටිකෝණයකින් බැලු කළ, 2022 වසර යනු පසුගිය වසර කිහිපය තුළ ආර්ථික පීඩන සහ පීඩනකාරී සිදුවීම්වල එකතුවකි. රටේ බාහිර සංචිත තත්ත්වය මීට පෙර නොදුටු මට්ටමකට පහත වැටීම, රුපියල 80.0% ට ආසන්නව අවප්‍රමාණය වීම, උද්ධමනය 70.0% ට ආසන්නව ඉහළ යාම, උද්ධමන පීඩනය මැඩලීමේ අරමුණින් පෙර නොවූ විරූ ආකාරයකින් ප්‍රතිපත්ති අනුපාත ඉහළ දැමීම් සිදු වූ වසරක් විය. මේ සියලු කරුණු, රටේ බාහිර ණය ශ්‍රේණිගත කිරීම ඓතිහාසික අවම මට්ටමකට වැටීමට සහ රටේ ආර්ථිකය 11.0% ට ආසන්න ප්‍රමාණයකින් හැකිලීමට හේතු වූ අතර, එය නිදහසින් පසු දැකිය හැකි ඉහළම අවප්‍රමාණය විය. එබැවින් 2022 යනු ලාභය කෙරෙහි ප්‍රධාන අවධානය යොමු කළ වසරක් නොව ගනුදෙනුකරුවන්ට අසීරු අවස්ථාවලදි ඔවුන් ආරක්ෂා කිරීම, දිගු කාලීන තිරසාරභාවය සඳහා ද්‍රවශීලතාවය, සමස්ත අවදානම් කළමනාකරණ සහ පාලන රාමුව ශක්තිමත් කිරිම කළ වසරක් විය.

advertistmentadvertistment
advertistmentadvertistment