Mahindra IDEAL Finance නවතම ශාඛාව දැන් රත්නපුරේ

44

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලියාපදිංචි මූල්‍ය සේවා සමාගමක් වන Mahindra IDEAL Finance සමාගම සිය නවතම ශාඛාව පසුගියදා රත්නපුර ප්‍රදේශයේදී විවෘත කළේය.

තම ශාඛා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට සමාගම දරන උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මෙම නව ශාඛාව විවෘත කරන ලදි.

අංක 202, මහ වීදිය, රත්නපුර යන ස්ථානයේ මෙම නව ශාඛාව පිහිටා තිබේ. මෙමගින් එම ප්‍රදේශයේ ජනතාවට ඉතාමත් පහසුවෙන් Mahindra IDEAL Finance සමාගමේ මූල්‍ය සේවාවන් ලබාගැනීමට අවස්ථාව ලැබෙනු ඇති අතර, එය එම ප්‍රදේශයේ වෘත්තිකයන්ට නව රැකියා අවස්ථා උදා වන පියවරක්ද වනු ඇත.

“අපගේ ඉදිරි ගමන, සවිබල ගැන්වීම, වර්ධනය සහ සාමූහික සෞභාග්‍යය යන ගුණාංග පිළිබිඹු කරනවා. මේ ආකාරයට රත්නපුර ප්‍රදේශයේ අපගේ ශාඛාවක් විවෘත කිරීම, සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට වඩාත් දීප්තිමත් අනාගතයක් උදාකර දීමට අප දරන උත්සාහයේ තවත් පියවරක් ලෙස හැඳින්විය හැකියි. රත්නපුර යනු ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වාණිජ නගරයක්. එය රටේ මැණික් කර්මාන්තයේ කේන්ද්‍රස්ථානය වන අතරම එහි තවත් කර්මාන්ත රාශියක් ක්‍රියාත්මක වෙනවා. මින් ඉදිරියට රත්නපුර ප්‍රදේශයේ ජනතාවට අපගේ මෙම නව ශාඛාව වෙත පැමිණ සේවාවන් ලබාගත හැකියි. එමෙන්ම මේ ඔස්සේ ප්‍රදේශයේ සිටින දක්ෂ හා නවක වෘත්තිකයන්ට ජාත්‍යන්තර තලයේ රැකියා අවස්ථා පිරිනැමීමටත් අප බලාපොරොත්තු වනවා.” Mahindra IDEAL Finance Limited හි 29 වන ශාඛාව විවෘත කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි ප්‍රධාන විධායක නිලධාරී දුමින්ද වීරසේකර මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment