සඳහිරු සෑයට චූඩාමාණික්‍යය පළඳවයි

410

තිස් වසරක් පුරා පැවති යුද්ධයේදී රුදුරු කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් මව්බිම බේරා ගත් අභීත රණවිරුවන් සිහි කිරීමට ඉදිකළ අනුරාධපුර සඳහිරු සෑ රදුන්ගේ චූඩාමාණික්‍ය පැළැඳවීමේ පිංකම ඊයේ (08දා) උදෑසන මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ රණවිරුවන්ගේ සහභාගීත්වයෙන් එය පරිත්‍යාග කළ ආතර් සේනානයක මහතා අතින් සිදු කෙරිණි.

අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍යපාද පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි ඉදිකෙරුණු මෙම මහා චෛත්‍යරාජයාණන් වහන්සේ මහා සංඝරත්නයට සඟසතු කොට පූජා කිරීම, දෙස් විදෙස් බැතිමතුන් හට වන්දනාමාන කිරීමේ අවස්ථාව ලබා දීම මෙම මස 18 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට පූජනීය මහා සංඝරත්නය ප‍්‍රමුඛව ආරක්ෂක අංශ ප‍්‍රධානීන් ඇතුළු රණවිරුවන් සහභාගි වී සිටියහ.

අනුරාධපුර විශේෂ පර්සි කුරුනේරු,  මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment