13 ගැන කතාවකට සම්බන්ධන් නවදිල්ලියට

136

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡා කිරීම සඳහා ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් ඇතුළු එම පක්‍ෂයේ පිරිසක් ලබන සතියේ නවදිල්ලියට යනු ඇත. ඉන්දීය මහකොමසාරිස්වරයාගේ නිවසේදී ඉන්දීය විදේශ ලේකම් ෂින්ගි‍්‍රයා සමග ද්‍රවිඩ සන්ධාන නායකයා ඇතුළු නියෝජිත පිරිස කළ සාකච්ඡාවේදී නවදිල්ලියට පැමිණෙන ලෙස ඇරයුම් කර තිබේ.

ඉන්දීය විදේශ ලේකම්වරයා ජනපති ගෝඨාභය රාජපක්‍ෂ සමග පැවැති සාකච්ඡාවේදී 13 වැනි සංශෝධනය කි‍්‍රයාත්මක කරන ලෙස ඉල්ලා තිබිණි.

විශේෂයෙන් 13 වැනි සංශෝධනය යටතේ පොලිස් සහ ඉඩම් බලතල ලබාගැනීම ගැන නවදිල්ලියේ සාකච්ඡාවලදී ද්‍රවිඩ සන්ධානය අවධානයට යොමු කරන බව ආරංචි මාර්ග පවසයි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment