නීතිපති උපදෙස් නැතිව සිරිල් ගාමිණි පියතුමා අත්අඩංගුවට ගන්නේ නෑ

317

රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්‍ෂ තුවාන් සුරේෂ් සලෙයි මහතා විසින් කරන ලද පැමිණිල්ල මත සිරිල් ගාමිණී ප‍්‍රනාන්දු පියතුමා අත්අඩංගුවට නොගන්නා බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා දැනුම් දී ඇතැයි නීතිපතිවරයා ඊයේ (08දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන නමුත් නීතිපතිවරයාගෙන් නිශ්චිත උපදෙස් ලබාගැනීමකින් තොරව පෙත්සම්කාර සිරිල් ගාමිණී පියතුමා අත්අඩංගුවට නොගන්නා බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා දැනුම් දී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් රොහන්ත අබේසූරිය මහතා වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නේය.

නීතිපති උපදෙස් නැතිව සිරිල් ගාමිණි පියතුමා අත්අඩංගුවට ගන්නේ නෑ
අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලමින් ඊයේ (08දා) පෙරවරුවේ කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය ඉදිරිපිට පදික වේදිකාවේ කතෝලික පූජකවරුන් ඇතුළු පිරිසක් නිහඬ විරෝධතාවයක යෙදී සිටි අයුරු.
පිංතූරය නිමල් දයාරත්න

නීතිපතිවරයා අධිකරණය හමුවේදී කළ කරුණු දැක්වීම අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේදී දැනුම්දෙන නිශ්චිත දිනක හා වේලාවකද එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට විමර්ශන සඳහා අවශ්‍ය ප‍්‍රකාශ ලබාදීමට සිය සේවාදායකයා සූදානම් බව සිරිල් ගාමිණී ප‍්‍රනාන්දු පියතුමා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අධිකරණයට පැවසීය.

නීතිපති උපදෙස් නැතිව සිරිල් ගාමිණි පියතුමා අත්අඩංගුවට ගන්නේ නෑ

පාස්කු ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් දෙස් විදෙස් ජනතාව දැනුවත් කිරීම සඳහා පසුගිය ඔක්තෝම්බර් 23 වැනිදා සූම් තාක්‍ෂණය ඔස්සේ පැවැත් වූ සාකච්ඡුාවකදී තමන් අනාවරණය කළ තොරතුරු අනුව තමන්ව අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බැවින් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිරිල් ගාමිණි ප‍්‍රනාන්දු පියතුමා නීතිඥ නාමල් කරුණාරත්න හා නීතිඥ උදාර මුහන්දිරම්ගේ යන මහත්වරුන් මගින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විජිත් මලල්ගොඩ, එල්. ටී. බී. දෙහිදෙණිය හා ප‍්‍රීති පද්මන් සූරසේන යන විනිසුරු ම`ඩුල්ල හමුවේදී කැඳවිණි.

පෙත්සම්කරු ප‍්‍රකාශ ලබාගැනීම සඳහා නීතිපතිවරයා සම`ග සාකච්ඡුා කොට සුදුසු දිනයක කැඳවීමට පියවර ගන්නා ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදෙන ලෙස විනිසුරු ම`ඩුල්ල එහිදී ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට නියෝග කළේය.

පෙත්සම්කරු අවේලාවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීම නුසුදුසු බව විනිසුරු ම`ඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් කේ. මලල්ගොඩ මහතා අධිකරණය හමුවේ පවසමින් එම නියෝගය කළේය.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම සඳහා ලබන වසරේ අපේ‍්‍රල් 4 වැනිදා යළි කැඳවීමටද විනිසුරු ම`ඩුල්ල වැඩදුරටත් නියෝග කළහ.

නීතිඥ ඉන්දික බණ්ඩාර අබේකෝන්, චමින්ද අර්සකුලරත්න, ජ්‍යෙෂ්ඨ නීතිඥ වරුන සේනාධීර, තිළිණ පුංචිහේවා, පුන්ති ගමගේ, එරංග යකන්දාවල, දිලන්ති රොඩිගෝ, තේජිත කෝරළගේ, ඉර්ෆාන් බාවා, ඉෂාන් රශින් හා ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා සම`ග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සිරිල් ගාමිණි ප‍්‍රනාන්දු පියතුමා වෙනුවෙන් පෙනී සිටියේය.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් වෙනුවෙන් පෙනී සිටියේය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න, මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලෙයි හා නීතිපතිවරයා ඇතුළු පිරිසක් එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කොට තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment