බඩ ඉරිගු ගොවීන්ට රසායනික පොහොර කඩිනමින් ලබා දෙනවා – රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර

179

හෙක්ටයාර් ලක්ෂයක බඩ ඉරිගු වගා කිරීම සදහා බඩ ඉරිගු ගොවීන් සදහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබාදෙන ලෙස ජනාධිපතුමා විසින් උපදෙස් ලබාදුන් බව වගා සංවර්ධන ආශ‍්‍රිත කර්මාන්ත හා අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කඹුර මහතා කීය.

මාධ්‍යවේදීන් අමතමින් ඒ මහතා මෙම තීරණය දැනුම්දෙන ලදී.

ඒ අනුව මේ වන විට ලංකාවේ රසායනික පොහොර ටොන් 9000 (නම දහසක්) ඇති බවත් ඉතිරි අවශ්‍යතාව ස`දහා රසායනික පොහොර ආනයනය කරන බවද කීය. මේ අතර බඩ ඉරි`ගු වගාවන් ස`දහා කාබනික පොහොර සහ ආනයනය කරන ලද දියරමය නයිට‍්‍රජන් අඩංගු පොහොර කඩිනමින් ලබාදෙන බවද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

මහ කන්නයේ දී හෙක්ටයාර් ලක්ෂයක් වගාකිරීමට මේ වන විට කටයුතු කර ඇති බවත්, එයින් හෙක්ටයාර් හැටපන්දහසක් වගා කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සූදානම් බවද කීය. ඒ අනුව බඩ ඉරි`ගු බීජ සහන මිලට ගොවීන්ට ලබාදෙන අතර ජාතික හැදුනුම් පත් අංකවලින් බඩ ඉරිගු ගොවීන් 5000 ක් ලියාපදිංචි වී ඇති බවත් ඊට අමතරව තවත් ගොවීන් බොහෝ ප‍්‍රමාණයක් සිටින බවද අමාත්‍යවරයා කීය.

මෙම පොහොර ලබාදීම පලාත් කෘෂිකර්ම අධ්‍යක්ෂකවරුන් හරහා ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් ලබා දීමට නියමිතව ඇත. ජනාධිපතිතුමා විසින් උපදෙස් ලබාදී ඇත්තේ කඩිනමින් බීජ සහ පොහොර ලබාදී මෙම කන්නයේදී වගා කටයුතු ආරම්භ කිරීමට ගොවීන්ට අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙසයි. අමාත්‍යවරයා කියා සිටින්නේ ශාකයට අවශ්‍ය පරිදි පොහොර යෙදීම ස`දහා ගොවීන් දැනුවත් කිරීම මගින් අනවශ්‍ය ලෙස පොහොර භාවිතයෙන් වැළැක්විය හැකි බවයි.

අනුරාධපුර, බදුල්ල,අම්පාර, සහ මොණරාගල යන පලාත් වල වැඩි වශයෙන් බඩ ඉරි`ගු වගා කරනු ලබයි.

ඕමල්පේ ප‍්‍රගීත් ජනක

advertistmentadvertistment
advertistmentadvertistment