සංවර්ධන ව්‍යාපෘති නමින් කරන දේශපාලන ප්‍රවර්ධන වැඩසටහන්වලට එරෙහිව උසාවි යනවා

71

පැෆරල් කියයි

රාජ්‍ය බලය හා සම්පත් භාවිත කරමින් සංවර්ධන ව්‍යාපෘති නාමයෙන් ආණ්ඩුකාරවරුන් මාර්ගයෙන් සිදුකරනු ලබන දේශපාලන ප්‍රවර්ධන වැඩසටහන් වළක්වා ගැනීමට අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා දිවයිනට ඊයේ (05දා) පැවසීය.

මේ සඳහා අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට නීතිඥයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත්, එම සාකච්ඡාවලින් පසු අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් ඒ මහතා කීය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන දිනය දින නියමයක් නැතිව කල්ගිය ද එකී ඡන්ද විමසීම අවලංගු කොට නොමැති තත්ත්වයක් තුළ පූර්ව මැතිවරණ නීති බලාත්මක බව තම විශ්වාසය බවත් ඒ මහතා කීය. එවැනි තත්ත්වයක් යටතේ ජනාධිපතිවරණය ඔක්තෝබර් 17 වැනිදාට පෙර පැවැත්විය යුතුව තිබියදී ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති කාර්යාලය චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවත් එම චක්‍රලේඛය මඟින් සංවර්ධන ව්‍යාපෘති ජූලි 31 වැනිදා අවසන් කරන ලෙස දී තිබෙන උපදෙස් අනුව මෙය ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන සිදුකර ඇති බවට සැකයක් මතුවන බවත් ඔහු පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment