කොටින්ට පණ දෙන්න ගිය 13කට ඉන්දියාවෙන් නඩු – 10ක්ම ලාංකිකයෝ

192

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ සංවිධානය යළි නගා සිටුවීම සඳහා මෙහෙයුම් කළ පුද්ගලයන් 13 දෙනකුට එරෙහිව නඩු පැවරීමට ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය පසුගිය බ්‍රහස්පතින්දා (15දා) කටයුතු කර තිබිණි. මෙයින් දස දෙනකු ශ්‍රී ලාංකිකයන් වන අතර තිදෙනෙක් ඉන්දියානුවෝ වෙති.

ජාතික විමර්ශන ඒජන්සිය දෙමළ බෙදුම්වාදී ක්‍රියාකාරකම් නැවත පණ ගැන්වීමේ උත්සාහයට අදාළ නීති විරෝධී මත්ද්‍රව්‍ය හා ආයුධ වෙළෙඳාම පිළිබඳ විමර්ශනයට අදාළව මෙම 13 දෙනාට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කර තිබේ.

එම්. සෙල්වකුමාර්, විග්නේෂ්වර පෙරුමාල් හෙවත් විකී සහ අයියපන් නන්දු යන ඉන්දීය ජාතිකයන් තිදෙනා එම චෝදනා පත්‍රයේ නම් කර ඇත.

එසේම පාකිස්තාන මත්ද්‍රව්‍ය සහ අවි සැපයුම්කරු හාජි සලීම් සමඟ එක්ව කටයුතු කළ බවට චෝදනා එල්ල වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරමක් පවත්වාගෙන ගිය බව කියන ශ්‍රී ලාංකික ජාතිකයන් වන සී ගුණසේකරන් හෙවත් ගුණා සහ පුෂ්පරාජා හෙවත් පූකුට්ටි කන්නාට එරෙහිවද නඩු පවරා තිබේ.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment