පාප් වහන්සේට යවන්න අත්සන් 50,000ක්

168

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ සියලුම පුද්ගලයන් ශ්‍රී ලංකාවේ විශ්වාසයේ විරුවන් ලෙස නම්කරන මෙන් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගෙන් ඉල්ලීමක් කරමින් ශ්‍රී ලංකාවේ කතෝලික බැතිමතුන් පනස්දාහකගේ අත්සනින් යුතු ලිපියක් සකස් කර ඇත. එය පාප් වහන්සේට භාරදෙන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා වෙත භාර දී ඇත.

මේ අනුව මෙම විශේෂ ඉල්ලීම සහිත ලිපිය කඩිනමින් පාප් වහන්සේ වෙතට යැවීමට කාදිනල්තුමා පියවර ගෙන තිබේ.

මෙම ලිපිය මෙසේ කාදිනල් තුමා වෙත භාරදී ඇත්තේ ඉතුත් 21 වැනිදා කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැඳුරේ පැවති විශේෂ දේව මෙහෙයට කාදිනල්තුමා පැමිණි මොහොතේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment