ඉන්දු ශ්‍රී ලංකා අධ්‍යාත්මික සම්බන්ධතාවයේ සහ සංස්කෘතික පුනර්ජීවනයේ නව යුගයක් ආරම්භ කිරීමට අඩිතාලම දමමින් මෙරට සංචාරක ක්ෂේත්‍රයේත් සංස්කෘතික හා අධ්‍යාත්මික ක්ෂේත්‍රයේත් නව යුගයක් සනිටුහන් කරමින් රාමායන පුරාවෘතයට නව මානයන් එක් කරමින් එය ආගමික සංස්කෘතික හා අධ්‍යාත්මික වශයෙන් පෝෂණය කර වර්තමාන හා අනාගත පරපුරට ලබා දීම සඳහා ශ්‍රී රාමායන් ට්‍රේල්ස් (‘ශ්‍රී රාමායන මංපෙත්‘) ශ්‍රී ලංකාවේ නිල වශයෙන් ආරම්භ කිරීම පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී සිදු විය.

ශ්‍රී රාමායන් ට්‍රේල්ස් දියත් කිරීම ඇරඹේ

ඉන්දියාවේ අයෝධ්‍යා හි සුවිශාලතම ශ්‍රී රාම පූජා මන්දිරයේ (ධූරන්දර ශ්‍රී රාම් ජන්මභූමි තීර්ත් ක්ෂේත්‍ර භාරයේ) ප්‍රධාන භාණ්ඩාගාරික හා පූජක භාණ්ඩාගාරික අතිඋතුම් ස්වාමි ගෝවින්ද් දේව් ගිරි මහාරාජ්ගේ දිව්‍යමය මගපෙන්වීම සහ අනුග්‍රහය යටතේ මෙම එළිදැක්වීම සිදුකරන ලදී.

ශ්‍රී රාමායන් ට්‍රේල්ස් දියත් කිරීම ඇරඹේ
ශ්‍රී රාමායන් ට්‍රේල්ස් දියත් කිරීම ඇරඹේ

එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ ඉදි වන දැවැන්තම ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාත්මික ස්මාරක ශ්‍රී රාමායන් ට්‍රේල්ස් (‘ශ්‍රී රාමායන මංපෙත්‘) ශ්‍රී ලංකාව පුරා පිහිටි ප්‍රධාන ස්ථාන නවයක් රාමායන වීර කාව්‍යයේ අධ්‍යාත්මික හා ඓතිහාසික සාරය විදහා දක්වන ලෝක මට්ටමේ ස්මාරක බවට පරිවර්තනය කිරීම මෙහි එක් ප්‍රධාන සැලසුමකි. මෙම ව්‍යාපෘතිය ගොඩනැගිලි ව්‍යුහයන් පමණක් නොව එය පැරණි අධ්‍යාත්මිකත්වය නවීන ගෘහ නිර්මාණ ශිල්පයේ ආශ්චර්යයන් සහ AI තාක්ෂණයෙන් නිර්මාණය වන, වර්ධිත යථාර්ථය සහ අතථ්‍ය යථාර්ථය ඇතුළු අති නවීන තාක්ෂණය සමඟ මිශ්‍ර කර මැකී ගිය ඓතිහාසික සිද්ධීන් සජීවිකරණය කර ප්‍රේක්ෂකයින්ට තිලිණ කෙරේ.

ශ්‍රී රාමායන් ට්‍රේල්ස් දියත් කිරීම ඇරඹේ
ශ්‍රී රාමායන් ට්‍රේල්ස් දියත් කිරීම ඇරඹේ

මන්නාරම් ද්‍රෝණියේ ආදම්ගේ පාලමේ සිට නුවරඑළියේ සීතාඑළිය දක්වා සෑම භූමි අඩවියක්ම තෝරාගෙන ඇත්තේ රාමායන කතාවේ කොටසක් ස්පර්ශ කළ හැකි හා පරිවර්තනීය ලෙස එම පුරාවෘතය වර්තමාන සමාජයට පැවසීමටය. මෙම භූමි අඩවි සංස්කෘතික උරුමයන් සහ අධ්‍යාත්මික අභ්‍යන්තර තොරතුරු විශ්ලේෂණය කිරීමට වඩාත් පහසු හා විධිමත් මාර්ගෝපදේශ සපයන ප්‍රදීපාගාර ලෙස ක්‍රියා කරනු ඇති අතර, ලොව පුරා සිටින සුවහසක් සංචාරකයින් අතිශයින් ආකර්ෂණය කරන්නාවූ සංචාරක මධ්‍යාස්ථාන බවට ද මෙය පත්වනු ඇත.

නිරෝෂන්

advertistmentadvertistment
advertistmentadvertistment