අමරවීරලාගේ වාරණය දිගු වෙයි

258

අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝගය මේ මස 15 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළේය.මෙම පැමිණිල්ල අද (08) කැඳවූ අවස්ථාවේදී ඊට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙස වගඋත්තරකාර පාර්ශ්වය ඉල්ලා සිටියේය. ඒ අනුවට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ගොනුකරන ලෙස නියෝග කළ අධිකරණය නඩුව නැවත ලබන 15 වනදා කැඳවන ලෙසත් නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment