Music And Lyrics නෙළුම් පොකුණට

105

නැරඹිය යුතුම ප්‍රසංගයක් – මනුරංග විජේසේකර
අභියෝග ජය ගැනීමක් – සරත් ද අල්විස්
තනිව නොව” එක්ව යන ගමන ශක්තිමත් – කීර්ති පැස්කුවල්
ප්‍රසංග කලාවේ ඓතිහාසික සන්ධිස්ථානයක් – සමන්ත පෙරේරා


ජගත් සම්මත ක්‍රියාපටිපාටියට අනුව” ගීතයේ නෛතික හිමිකාරිත්වය දරණ ප්‍රබල දෙපාර්ශ්වයක් ඒකාබද්ධ වී මෙරට පැවැත්වෙන සුවිශේෂීම සංගීත ප්‍රසංගය මෙම මස 08 වැනි දින සවස 6.45 ට නෙ`ඵම් පොකුණ රඟහලේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ දෙපාර්ශ්වය වනුයේ ද්‍ව ශ්‍රී ලාංකේය සංගීත නිර්මාණකරුවන් හා සංගීත අධ්‍යක්‍ෂවරුන්ගේ සංගමයත් (SLAMCADA), ශ්‍රී ලාංකේය ගේය පද රචක සංගමයත් (SLALA) වේ. මෙහි ඇති සුවිශේෂීත්වය වනුයේ” ප්‍රවීණ සංගීත අධ්‍යක්‍ෂවරුන් සිව්දෙනකුගේ සංගීත මෙහෙයවීම යටතේ හා ප්‍රවීණ ගීත රචක පූරකවරුන් සිව්දෙනකුගේ ආමන්ත්‍රණය මත” මෙතෙක් එකට එක් නොවූ ප්‍රවීණතම ගායක-ගායිකාවන් 16 දෙනකු එකම වේදිකාවක ගීතවත් වීමයි. මෙම විශේෂ ප්‍රසංගයට දායකත්වය දැක්වු ප්‍රවීණයන් කිහිපදෙනකුගේ අදහස් මෙසේය.

මෑත කාලයේ සංගීත ක්ෂේත්‍රය දෙස අවධානය යොමු කිරීමේදී අප දකින සුවිශේෂී කාරණාවක් තමයි සංගීත ප්‍රසංග කලාවේ පවතින පුනරුදය. කොරෝනා සමයත්” රටේ පැවැති අස්ථාවර ස්වභාවයත් සමගින් එක් කාල පරාසයක් සම්පූර්ණයෙන්ම ප්‍රසංග කලාවට ඉතා අහිතකරවූ ස්වභාවයක පැවතියා. නමුත් මෙම තත්ත්වය මෙලෙස වෙනස්වීම සැබැවින්ම ක්ෂේත්‍රයක් ලෙස සුභදායි සලකුණක්.

එලෙස පැවති ප්‍රසංග අතරින් සහ පැවැත්වීමට නියමිත ප්‍රසංග අතරිනුත් සුවිශේෂීම ප්‍රසංගය මේ බව අවිවාදයෙන් පිළිගත යුතු සත්‍යයක්. යුග යුග සංගීතයට ළබැඳි” රසිකයන්ගේ හදවත් ආක්‍රමණය කළ ගී පද රචකයින්” තනු නිර්මාපකයන්” සංගීතඥයන්” ගායක ගායිකාවන් සහ නිවේදකයන් මෙපමන ප්‍රමානයක් එකම වේදිකාවක දක්නට ලැබෙන ඉතාමත් දුර්ලභ ප්‍රසංගයක් ලෙස මෙය හැඳින්වීමට පු`ඵවන්. එහි ප්‍රභලත්වය වටහාගත් නිසාවෙන්ම” මේ වනවිටත් ප්‍රසංගයේ ප්‍රවේශපත්‍ර සීග්‍රයෙන් අලෙවි වෙනවා. මේ සඳහා පූරකවරයකු ලෙස දායකත්වය දැක්වීමට මා හට අවස්ථාව ලැබීමත් භාග්‍යයක්. සරලවම කිව්වොත් මේක බලන්නම ඕනේ ප්‍රසංගයක්.

මෙම ප්‍රසංගයේ දැවැන්ත බව රැඳී තිබෙන්නේම කිසිම දිනෙක එකම වේදිකාවක එකට එක් නොවූ පිරිසක් එකට එක්වීම මතයි. ඒක හරිම දුර්ලභ අවස්ථාවක් වගේම ප්‍රේක්‍ෂකයා අත නෑරිය යුතුම අවස්ථාවක් ලෙසයි මා දකින්නේ. ගීතයේ බුද්ධිමය හිමිකරුවන් දෙපාර්ශ්වයේ එක්වීමත් මෙහිදී අතිශයින් වැදගත් වෙනවා. සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණ සංගීතවේදින් වන ආචාර්ය රෝහණ වීරසිංහ” සරත් ද අල්විස්” මහින්ද බණ්ඩාර සහ අර්නස්ට් සොයිසා වැනි ප්‍රතිභාන්විතයින් පිරිසකගේ සංගීත මෙහෙයවීමෙන් සහ බන්දුල නානායක්කාරවසම්” කැ`ඵම් ශ්‍රීමාල්” නිලාර් එන් කාසිම්” මනුරංග විජේසේකර වැනි ජනහද දිනාගත් ආකර්ශණීය නිවේදකයින් පිරිසකගේ දායකත්වය මෙම ප්‍රසංගය වඩ වඩාත් වර්ණවත් කරන බවට කිසිදු සැකයක් නෑ. ඇත්තෙන්ම මෙවැනි ප්‍රසංගයක් පැවැත්වීමේ මූලික පරමාර්ථය තමයි” අපේ සහෝදර ගීත රචකයන් සහ සංගීතඥයන්ගේ සුභ සාධනය වෙනුවෙන් අරමුදලක් එක්රැස් කිරීම.

වාදකයෙක්” අත්වැල් ගායකයෙක්” ගායකයෙක් සහ සංගීත අධ්‍යක්‍ෂවරයෙක් ලෙසින් කලා ක්ෂේත්‍රයේ මා ආ දුර වසර හතළිහකට ආසන්නයි. වේදිකාවේ හෝ විවිධ අවස්ථාවන්හි මා ගීත ගායනා කරන විට” රසිකයන් දක්වන යහපත් ප්‍රතිචාරයන් මත මට දැනුණු දෙයක් තමයි මේ ගීතයට ලැබෙන පිළිගැනීමට තවත් උරුමකරුවන් දෙදෙනකු සිටිනවා කියන කාරණය. ඒ තමයි ගීත රචකයා සහ සංගීතඥයා. ඔවුන්ගේ රසවත් පද රචනා සහ මධුර තනු නිසා තමයි ගීතය ජනතාව අතරට ගෙන යෑමට හැකියාව ලැබෙන්නේ. මේ හේතුව නිසාම මගේ හිතේ ඇතිවුණ අදහසක් තමයි මේ දෙපාර්ශ්වයන් වෙනුවෙන් ඒ අයගේ සාමුහික ශක්තියක් ඇති කරවන යමක් කළ යුතුයි යන්න. ඒ සිතුවිල්ල මත තමයි දැනට වසර හතරකට පමණ ඉහතදී” ශ්‍රී ලාංකේය සංගීත නිර්මාණකරුවන් හා සංගීත අධ්‍යක්‍ෂවරුන්ගේ සංගමය ආරම්භ කිරීමට හැකි වුයේ. එම සංගමයේ සභාපති ලෙස සරත් ද අල්විස් සහ ලේකම් ලෙස සමන්ත පෙරේරා මහත්වරුන් කටයුතු කරනවා.

ඉන් අනතුරුව ගීතයේ දෙවන පාර්ශ්වය වන ගී පද රචකයින් වෙනුවෙනුත් යමක් කළ යුතු බව මට හැඟී ගියා. ගීත නිබන්ධක ජෝර්ජ් රොබ්සන් ද සිල්වා මහතාගේ මැදිහත්වීම මත” මා ගීත රචකයෙක් නොවුණත් ඊට දායක වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රථම සංගමය ආරම්භයෙන් වසරකට පසුව” ශ්‍රී ලාංකේය ගේය පද රචක සංගමය බිහිකිරීමට හැකිවුණා. එම සංගමයේ සම සභාපතිවරුන් ලෙස ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ සහ නිලාර් එන් කාසිම් ද ලේකම් ලෙස ජෝර්ජ් රොබ්සන් ද සිල්වා යන මහත්වරුන් කටයුතු කරනවා.

මූල් යුගයේදී ගී පද රචකයන්” සංගීත නිර්මාණකරුවන් මෙන්ම ගායක” ගායිකාවන් පවා ගීත ගායනා කළේ මුල්‍ය පරමාර්ථයෙන් තොරවයි. වසර 45 ක් පමණ වන මගේ නිර්මාණ දිවියේ මා ලද රස-නීරස අත්දැකීම් අපමණයි. එනමුත් අපි බොහොම එකමුතුකමින්” සුහදව කලාවට ඇති ආශාව හා ආදරය නිසාම ගීත නිර්මාණකරණයේ යෙදුණා. නිර්මාණකරුවන්ට එකල ලැබුණේ තෘප්තිය පමණයි. පසු කාලීනව මේ තත්ත්වය වෙනස් වුණා. ගීතය මුදල් වුණා. එය වැරදි විදියට” අසාධාරණ විදියට අලෙවි වුණා. එහිදී ගායකයා බැබ`ඵනා සහ ආර්ථික අතින් සවිමත් වුණ නමුත්” සංගීතවේදියාට හෝ පද රචකයාට ඉන් සෙතක් සැලසුණේ නෑ. ගායන ශිල්පීන් අප විසින් නිර්මාණය කරදුන් ගීත පාවිච්චි කළේ ඔවුන්ගේ තනි බූදලයක් ලෙසයි.

ඔය අතර ගීතයේ අයිතිය පිළිබඳව විවිධ මතවාද ගොඩනැගුණා. ගීතයේ පරම අයිතිය ගේය පද රචකයාගේ සහ සංගීතඥයාගේ බවට ලෝක සම්මතයේ පැවතුණත්” ඒ දෙපොලට සාධාරණය ඉටුවුණේ නෑ. මේ ගැටලුව පිළිබඳ තනි තනිව සටන් කොට පලක් නොවු තැන” අපේ සහෘද කීර්ති පැස්කුවල්ගේ යෝජනාවක් මත අප සංගීත නිර්මාණකරුවන් හා අධ්‍යක්‍ෂවරුන්ගේ

සංගමය බිහිකළා. මේක රජයේ ලියාපදිංචි සංවිධානයක් නිසාම” කිසියම් ගැටලුවකදී සාමුහිකව නැගී සිටීමේ ශක්තිය අපට ලැබී තිබෙනවා.

කලාශූරී ලතා වල්පොල” ආචාර්ය වික්ටර් රත්නායක” විශාරද එඩ්වඩ් ජයකොඩි” චරිතා ප්‍රියදර්ශනී” කසුන් කල්හාර” රූකාන්ත ගුණතිලක” කීර්ති පැස්කුවල්” චන්ද්‍රලේඛා පෙරේරා” සමිතා මුදුන්කොටුව” නිරෝෂා විරාජිනී” උරේෂා රවිහාරි” අමල් පෙරේරා” මරියසල් ගුණතිලක” දීපිකා ප්‍රියදර්ශනී” කරුණාරත්න දිවුල්ගනේ සහ වෝල්ටර් ප්‍රනාන්දු. යන ශිල්පීන් මුල්‍ය අරමුණකින් තොරව මෙයට දායකත්වය දක්වනවා. ඒ වගේම මෙහි වීඩියෝ පටිගත කිරීමක් සිදුනොවන නිසා” සියලු රසික -රසිකාවියන්ට ආරාධනය කරනවා මෙම ප්‍රසංගය මඟ නොහැර නරඹන ලෙසට.

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment