ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවාවක්

117


දකුණු ඉන්දියාව සහ කන්කසන්තුරය ත්‍රිකුණාමලය සහ කොළඹ වරායන් අතර මගී යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. මේ සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ දී අද පැවැත්විණ.
මෙම වැඩපිලිවෙලේ ප්‍රථම පියවර ලෙස කන්කසන්තුරේ සහ පාන්ඩිචෙරි අතර මගී යාත්‍රා සේවාවන් ලබන ජනවාරි මස මැද ආරම්භ කිරීමට සැලසුම් තිබේ. ඒ සඳහා ඉන්දියානු රජයේ අනුමැතිය ලබා දී ඇති බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment