තීරණයේ වෙනසක් නෑ : විශ්වාසභංගයට සහාය දෙනවා – දයාසිරි ජයසේකර

185

ආණ්ඩුවට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට සහාය දැක්වීමට ගත් තීරණයෙහි කිසිදු වෙනසක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් නොවන්නේ නම් සමගි ජන බලවේගය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට සහය දැක්වීමට පෙරේදා (25දා) රැස් වූ පක්‍ෂ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කළ බවද මහලේකම්වරයා සඳහන් කළේය.

එහෙත් අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් සියලු පක්‍ෂ ඒ සඳහා සහයෝගය ලබාදිය යුතු බව එහිදී තීරණය කළ බවත් එළියේ සිට ඒ සඳහා සහයෝගය ලබාදීම සිදු නොවිය යුතු බවටත් මෙහිදී තීරණය කළ බවද මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment