ඉරාන තානාපතිට පහරදුන් ව්‍යාපාරිකයාට ඇප

43

ඉරාන ශ්‍රී ලංකා තානාපති අලිරේකා ඩෙල්කෝප් මහතාට පහරදීම ඇතුළු චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කළ, බුවනෙක මහසෙන් බස්නායක නමැති ව්‍යාපාරිකයා තරයේ අවවාද කොට රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ඊයේ (22දා) නියෝග කළේය.පසුගිය 18වැනිදා කළම්බු සිටි සෙන්ටර් හිදී සිදුකර ඇති එම පහරදීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කොම්පඤ්ඤවීදිය පොලිසිය එම සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කොට තිබිණි. සිය සේවාදායකයා ඔහු අතින් නොදැනුවත්කමින් සිදුවූ එම වරද ගැන පසුතැවෙන බවත්, රාජ්‍ය තාන්ත්‍රිකයකු වන පැමිණිලිකාර ඉරාන තානාපතිවරයාට සිය කනගාටුව ප්‍රකාශ කර නඩුව කෙටියෙන් අවසන් කර ගැනීමට අපේක්ෂා කරන බවත් කියමින් සැකකාර ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා ඇතුළු නීතිඥ මණ්ඩලය කළ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සුදුසු නියෝගයක් ලබාදෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් විරුද්ධ නොවන බව අධිකරණයට පැවැසීය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment