මිලියන 70ක මූල්‍ය වංචා චෝදනාව: – තාඹුගල රිමාන්ඩ්

248

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ප්‍රකට ව්‍යාපාරිකයකු වූ අවුරා ලංකා සමාගමේ සභාපති ආචාර්ය විරන්ජිත් තාඹුගල මහතා ලබන 27 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ මහත්මිය ඊයේ (22දා) නියෝග කළාය.

සැකකරු රුපියල් මිලියන 70ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවත්, ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මේ දක්වා අවසන්වී නොමැති බවත් කියමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය, විත්තියේ ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරමින් එම නියෝගය කළාය.

විරන්ජිත් තාඩුගල මහතා, එල්. පී. එල්. තරගාවලියේ දඹුල්ල කණ්ඩායමේ හිටපු හිමිකරු ද වේ.

විරන්ජිත් තාඩුගල මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ දහවල් අත්අඩංගුවට ගෙන තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක සහ හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment