මුලින්ම ජනාධිපතිවරණය – ජනපති රනිල් කැබිනට් එකට කියයි

121

ප්‍රථමයෙන් පවත්වනු ලබන්නේ ජනාධිපති මැතිවරණය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලය හමුවේ ඊයේ (22 දා) ප්‍රකාශ කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙම වසරේ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් එබැවින් නියමිත කාල සීමාවේදීම ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලය හමුවේ සඳහන් කර තිබේ.

ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණය වෙන් කර අවසන් බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

කැබිනට් මණ්ඩලය ඊයේ පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී රැස්විය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment