ඉන්දීය නාවික හමුදාවට අලුතින් එක්වූ වික්‍රන්ත්ගේ ඇසත් චීනයට

295

ඉන්දීය නාවික හමුදාව වෙත අලුතින් එක්වූ වික්‍රන්ත් ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන යුද නැව ද ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාවට යොදවා ඇත්තේ චීනයේ ආක්‍රමණ වැලැක්වීමට දැයි යුද විශ්ලේෂකයෝ විමසති. මෙලෙස ඉන්දීය නාවික හමුදාව ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව තර කිරීමේ වෑයමට ඇමෙරිකාව, ජපානය, ඕස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව වඩාත් සතුටු වනු ඇතැයි ද පවසති.වික්‍රන්ත් මීට සති දෙකකට පෙර ඉන්දීය නාවික හමුදාවට එක් විය. මෙම නෞකාවත් සමග ඉන්දීය සාගර කලාප ආරක්ෂාවට ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙකක් බැගින් යොදවා ඇති රටවල් අතරට ඉන්දියාවද එක්වේ. මෙම නෞකාවට පෙර ආරක්ෂක කටයුතු වල නිරත වූයේ වික්‍රමාධිත්‍ය නෞකාවය. මෙලෙස නෞකා දෙකක් බැගින් දැනට ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාවට යොදවා ඇති සෙසු රටවල් වන්නේ චීනය,ඉතාලිය සහ බ්‍රිතාන්‍යය යන රටවල්ය.

advertistmentadvertistment
advertistmentadvertistment