මෙක්සිකෝවේදී පෙන්නපු පිටසක්වල ජීවි මමි දෙක හමුවුණේ පේරු පතලකින් – මෙක්සිකෝවට ගෙනයෑම අපරාධමය වරදක්

414

පේරු ඇමැති කියයි

පේරු රාජ්‍යයට අයත් මමි සිරුරු මෙක්සිකෝවට ගෙනයෑම අපරාධමය වරදක් බව පේරු රාජ්‍යයේ සංස්කෘතික ඇමැති ලෙස්ලි උර්මේගා ප්‍රකාශ කර ඇත.

පේරු ඇමැතිවරයා මේ කරුණු ප්‍රකාශ කර ඇත්තේ පසුගිය සතියේ මෙක්සිකෝ නුවරදී ප්‍රදර්ශනය කරන ලැබූ පිටසක්වල ජීවී මමි දෙක සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

මේ සිරුරු මුලින්ම සොයාගෙන තිබුණේ පේරු රාජ්‍යයේ ඇල්ගී පතලකිනි.

මෙම පිටසක්වල ජීවී සිරුරු ප්‍රදර්ශනය කළ මාධ්‍යවේදී ජැමී මෝසාන් පවසන්නේ තමා කිසිම වරදක් කර නැති බවයි. මේ සිරුරු ඔහුට ලැබුණේ කෙසේද යන්න මොසාන් හෙළිකර නැත.

මේ සිරුරු දෙක නිසා ලොවපුරා මහත් ආන්දෝලනයක් ඇතිව තිබේ.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment