අයියා කතුරෙන් ඇන මල්ලි මරලා

91

වැඩිමල් සොහොයුරා විසින් බාල සොහොයුරාව කතුරකින් ඇන ඝාතනය කර ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි.

බොරැල්ල, සර්පන්ටයින් පාරේ නිවසකදී මෙම ඝාතනය පෙරේදා (22දා) සිදුවී තිබේ.

මියගිය අය මත්පැන් පානය කරමින් සිටියදී වැඩිමල් සොහොයුරා සමග ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් අනතුරුව සැකකාර වැඩිමල් සොහොයුරා විසින් කතුරකින් පපුවේ වම්පස ප්‍රදේශයට ඇන ඇතැයි හෙළි වූ බව පොලිසිය පවසයි.

ඔප්පුවක් සම්බන්ධයෙන් ඇති වූ කතාබහක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුවී ඇතැයි ද පොලිසිය කියයි.

ඝාතනයට ලක්වූ 55 හැවිරිදි බාල සොහොයුරාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී සිදු කිරීමට නියමිතව තිබිණි.

60 හැවිරිදි සැකකාර වැඩිමල් සොහොයුරා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක විතානගේ මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment