‘නිදහස් සෞඛ්‍ය හා වෛද්‍යවරුන් රැකගන්න GMOA අද විරෝධතාවේ

77

නිදහස් සෞඛ්‍ය සේවාව සහ මෙරට වෛද්‍යවරුන් රැක ගන්නා ලෙස රජයට බලකරමින් අද (11දා) කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී දැවැන්ත විරෝධතාවක නිරතවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

මෙරට සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරන වෛද්‍යවරුන් එක්වන මෙම විරෝධතාව මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව සහ වෛද්‍ය අධ්‍යාපනය රැකගැනීමේ අරමුණින් සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු වගකිවයුත්තන්ට එරෙහිව අරඹන අරගලයක ආරම්භක වෙඩි මුරය බව එම සංගමයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

මෙම විරෝධතාවට අමතරව දිස්ත්‍රික් මට්ටමින් විරෝධතා සහ මහජන සම්මන්ත්‍රණ පැවැත්වීමට සැලසුම් කර ඇති බවත්, වෛද්‍යවරුන්ට සාධාරණය සහ යුක්තිය ඉටුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය ඇමැතිවරයා අපොහොසත් වේ නම් ඉදිරි මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම විරෝධතා සහ වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට තීරණයක් ගන්නා බවත් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටී.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment