කොවිඩ් සමයේ විවෘත කළ අනුක ජීවී රසායනාගාර 32න් දැන් තිබෙන්නේ 4යි

61

‘නීපා’ ඒමේ අවදානමක්! – රවි කුමුදේශ්

රට තුළට ඇතුළුවන වෛරස් රෝගී තත්ත්වයන් ගැන පරීක්‍ෂණ සිදු කිරීමට කොවිඩ් සමයේ ආරම්භ කෙරුණු අනුක ජීවී රසායනාගාර 32න් දැන් විවෘතව ඇත්තේ

රසායනාගාර 4ක් බව සෞඛ්‍ය වෘත්තීය විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා ‘දිවයින’ ට ඊයේ (24 දා) පැවසීය.

වෛරස් තත්ත්වයන් පැමිණිය හැකි කටුනායක ගුවන් තොටුපළ හා මුල්ලේරියාව ස්ථාපිත කළ ප්‍රධානම අනුක ජීවී රසායනාගාර දෙක ද වසා දැමීමෙන් ‘නීපා’ වෛරසය රට තුළට ඇතුළුවීමේ අවදානමක් මතුවී ඇතැයි ද හෙතෙම කීය.

‘නීපා’ වෛරස් තත්ත්වය රටට ඇතුළුවීම වැළැක්වීමට මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිම සූදානමක් නැතැයි පැවසූ හෙතෙම කොවිඩ් සමයේ කෝටි ගණන් වැයකර ආරම්භ කළ අනුක ජීවී රසායනාගාර දිගටම පවත්වාගෙන යන ලෙස ඉල්ලීම් කළ ද සෞඛ්‍ය බලධාරීන් ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකර වසා දැමීමේ ප්‍රතිඵල ඉදිරියේදී දැකගත හැකි වනු ඇතැයි ද කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment