ටින් මාළු හා රතු කැකුළු මිල අඩු කරයි

133

ලංකා සතොස තවත් අත්‍යවශ්‍ය ආහාර තුනක මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (16දා) සිට පහත දමා ඇත. ඒ අනුව රතු පරිප්පු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 9.00කින් පහත දමා ඇත. ඒ අනුව රතු පරිප්පු කිලෝවක නව මිල රුපියල් 389.00 කි.

දේශීය ටින් මාළු ග්‍රෑම් 425ක ටින් එකක මිල රුපියල් 45 කින් පහත දමා ඇති අතර ඒ අනුව නව මිල රුපියල් 540 කි.

තවද රතු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 5.00කින් පහත දමා ඇති අතර ඒ අනුව රතු කැකුළු කිලෝවක නව මිල රුපියල් 205 කි.

මෙම මිල ගණන් යටතේ රට පුරා විහිදී ඇති ලංකා සතොස ශාඛා මගින් පාරිභෝගිකයන්ට ඊයේ (16දා) සිට භාණ්ඩ මිලදී ගතහැකි බව ලංකා සතොස නිවේදනය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment