ඊජිප්තුවේ පොලිස් ගොඩනැඟිල්ලක ගින්නෙන් 38කට තුවාල

66

ඊජිප්තුවේ ඉස්මයිලියා ප්‍රදේශයේ පිහිටි පොලිස් ගොඩනැඟිලි සංකීර්ණයක හටගත් හදිසි ගින්නකින් 38 දෙනකු පිළිස්සුම් තුවාල ලබා තිබේ. දවසේ පැය 24 පුරාම පොලිස් නිලධාරීන් රඳවා සිටින අදාළ පොලිස් ගොඩනැඟිලි සංකීර්ණයේ හටගෙන ඇති මෙම ගින්න පැතිරීම පාලනය කිරීමට ගිනි නිවන හමුදා භටයන් විසින් පියවර ගෙන ඇති අතර ගින්නට හසු වීමෙන් අනතුරට පත් පිරිසට ප්‍රතිකාර කිරීම සඳහා ඊජිප්තු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගිලන් රථ 50ක් හා හමුදා ගුවන් යානයක් ගින්න හටගත් ගොඩනැඟිල්ල වෙත යවා තිබේ.

ගින්නට හේතුව ඊයේ (02දා) දහවල් වන විටද අනාවරණය වී නොතිබූ අතර මෙම ගින්න දරුණු ලෙස පැතිර යෑම නිසා ඉන් මියගිය අය සිටිය හැකි බව ඊජිප්තු මාධ්‍ය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment