මියගිය අය වෙනුවෙන් ලක්‍ෂ 5 බැගින් දෙයි

273

කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම ආසන්නයේදී ලංගම බස්රථයක් මතට ගසක් කඩාවැටීමෙන් මියගිය පුද්ගලයන්ට අදාළව එක් අයකු වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 5 බැගින් මූල්‍ය සහනාධාරයක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් මේ පිළිබඳව ප්‍රවාහන අමාත්‍යවරයාට සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත දැනුම් දී තිබේ.

මෙම අනතුරින් පුද්ගලයෝ 05 දෙනෙක් මරුමුවට පත්වූහ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment