ජාතික රෝහලේ කොවිඩ් ආසාදිතයෝ 600 ක් – කාර්ය මණ්ඩලයේ 300 කටත් කොවිඞ්

379

කොළඹ ජාතික රෝහලේ වාට්ටු 11 ක කොවිඞ්  රෝගීන් 600 කට අධික ප‍්‍රමාණයක් ප‍්‍රතිකාර ලබන බවත්, රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලයෙන් 300 කට අධික පිරිසක් කොවිඞ් ආසාදිතයන් බවට පත්ව ඇති බවත් සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ උප ලේකම් රේණුකා ලියනගේ මහත්මිය ‘දිවයින’ට ඊයේ (15 දා) පැවැසීය.

ජාතික රෝහලේ කොවිඩ් ආසාදිතයෝ 600 ක් - කාර්ය මණ්ඩලයේ 300 කටත් කොවිඞ්

මෙම තත්ත්වය තුළ රෝහලේ දැනට සේවයේ නියුතු කාර්ය මණ්ඩලය ද දැඩි ලෙස හෙම්බත්වී සිටින බව ද හෙතෙම කීය.

එසේම දිනකට රෝහල් ගතවන කොවිඞ් රෝගීන්ගෙන් 25 දෙනකු පමණ මියයන බව ද ඒ මහතා කියා සිටියේය.

රෝහල් කාර්ය මණ්ඩලයේ කොවිඞ් ආසාදිතයන් අතරේ හෙද නිලධාරීන් 84 දෙනකු වන බව ද ඇය සඳහන් කර සිටියාය.

ඊට අමතරව රෝහල් කනිෂ්ඨ කාර්ය සහායකයින්, වාට්ටු ලිපිකරුවන් සිටින බව ද ඇය කියා සිටියාය.

මෙහිදී අදහස් දැක් වූ රේණුකා ලියනගේ මහත්මිය මෙසේ ද කීවාය.

රෝහලට එන කොවිඞ් රෝගීන්ගේ ප‍්‍රමාණය වැඩියි. කොවිඞ් රෝගීන් සඳහා තවත් වාට්ටු දෙකක් ගන්න නියමිතයි. රෝහල් කාර්ය මණ්ඩලයේ වැඩි පිරිසක් දවසින් දවස කොවිඞ් ආසාදිතයන් බවට පත්වෙනවා. හෘද රෝගී අංශයේත් සේවකයන් 30 දෙනකු පමණ කොවිඞ් ආසාදිතයන් බවට පත්වෙලා. කොළඹ ජාතික රෝහල කොවිඞ් රෝගීන්ගෙන්ම පිරෙව්වොත් අපේ අනෙක් රෝග සඳහා ප‍්‍රතිකාර ගන්න එන අයට ප‍්‍රතිකාර ගන්න තැනක් නැත ිවේවි. සෞඛ්‍ය බලධාරීන් කොවිඞ් රෝගීන්ගෙන් ජාතික රෝහල පුරවන එක දැන්වත් නතර කිරීමට පියවර ගත යුතුයි. රෝහල තුළ දැන් දැඩි අවදානමක් ්පවතිනවා. මෙහෙම ගියොත් රෝහලේ වැඩකරන්න කාර්ය මණ්ඩලයක් නැති වේවි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment