පාරිභෝගිකයන්ගෙන් වැට් බදු අය කරන ආයතන ගැන දේශීය ආදායම් ඇස

87

වැට් බද්ද සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නැති ඇතැම් ව්‍යාපාර ආයතන සහ වෙළෙඳසල් හිමියන් නීති විරෝධීව තම පාරිභෝගිකයන්ගෙන් සියයට 18 ක වැට් බද්දක් අයකරමින් සිටින බව අනාවරණය වෙයි.

මේ සම්බන්ධයෙන් දැනටමත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කිහිපයක් ලැබී ඇති අතර ඒ ගැන එම දෙපාර්තමේන්තුව විසින් දැනටමත් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙවැනි අත්දැකීම්වලට මුහුණ දෙන පාරිභෝගිකයන්ට වැට් බදු අය කළ අදාළ බිල්පත සමග මේ ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

වැට් බද්ද සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නැති ආයතනවලට මහජනයාගෙන් සියයට 18 ක වැට් බද්දක් අය කළ නොහැකි වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment