වැඩි කළ දහදාහෙන් පන්දාහක් රාජ්‍ය සේවක ජනවාරි වැටුපට

63

රාජ්‍ය සේවකයන් සඳහා 2024 අයවැය මගින් අප්‍රේල් මස වැටුපේ සිට ගෙවීමට යෝජනා කළ රුපියල් දසදහසක ජීවන වියදම් දීමනාවෙන් රුපියල් පන්දහසක් ජනවාරි මස වැටුපේ සිට ගෙවීමට තීරණය කර ඇත.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන තිබේ.

රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය සේවකයන් පීඩාවට පත්වීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ රැස්වීමේදී පැවසීය.

වැට් බදු වැඩි කිරීම සහ භාණ්ඩ රැසකට අලුතින් වැට් බදු හඳුන්වාදීමට සිදුවූයේ රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට බවත්, බදු ආදායමින් හරි අඩකටත් වඩා වැය වන්නේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment