දප්පුල නොඑයි නීතිඥයකු එවයි

177

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා වෙනුවෙන් කනිෂ්ඨ නීතිඥයෙක් ත්‍රස්තවාදී විමර්ශන ඒකකය (ටී.අයි.ඩී.) හමුවේ ඊයේ (19 වැනිදා) පෙරවරුවේ පෙනී සිටියේය.

හිටපු නීතිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතව තිබුණ ද ඒ මහතා ත්‍රස්ත විමර්ශන ඒකකය හමුවේ පෙනී නොසිටි නිසා එම ප්‍රකාශය ලබාගැනීමට නොහැකි විය.

පාස්කු ප්‍රහාරය පිටුපස විශාල කුමන්ත්‍රණයක් තිබූ බවට දප්පුල ද ලිවේරා මහතා නීතිපති ධුරයෙන් විශ්‍රාම යෑමට පෙර ප්‍රකාශ කර තිබිණි.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු දැනගැනීම සඳහා හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාට ඊයේ දිනයේ සිට ඒකකය හමුවේ පෙනී සිටින ලෙස ත්‍රස්ත විමර්ශන ඒකකය දැනුම් දීමක් කර තිබිණි.

ඒ අනුව දප්පුල ද ලිවේරා මහතා ත්‍රස්ත විමර්ශන ඒකකය හමුවේ පෙනී නොසිටි අතර ඒ මහතාගේ නියෝජිතයකු වූ නීතිඥවරයකු එම ඒකකය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදී පිටව ගොස් ඇත.
හේමන්ත රන්දුණු, ඡායාරූපය – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment