ආදර්ශනී අත්අඩංගුවට ගැනීමේ තැතක් ගැන උසාවිය සීඅයිඩීයෙන් කරුණු අසයි

301

මහාචාර්ය ආශු මාරසිංහ මහතා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ ආදර්ශනී කරඳන මහත්මිය අත්අඩංගුවට ගැනීමට උත්සහ දරන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ලබන 10 වැනිදා තම අධිකරණයට කරුණු දක්වන ලෙස දන්වා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා සහ එම දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට නොතීසි යැවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා ඊයේ (03 දා) නියෝග කළේය.

ආදර්ශනී කරඳන මහත්මිය වෙනුවෙන් ගොනුකර තිබූ අපේක්‍ෂිත ඇප අයැදුම්පත සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය. ආශු මාරසිංහ මහතා සම්බන්ධයෙන් එක්තරා වීඩියෝවක් ඉදිරිපත් වීමෙන් අනතුරුව එම වීඩියෝව ව්‍යාජ එකක් බවට ආශු මාරසිංහ මහතා පැමිණිල්ලක් කර ඇති බවත් ඒ අනුව සිය සේවාදායිකාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවත් ආදර්ශනී කරඳන මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කියා සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment