මහ බැංකු වැටුප් කොළේ පාර්ලිමේන්තුවට!

568

මීට කලින් 93%කින් වැඩි වුණාලු

රටේ ඉමහත් ආන්දෝලනයට තුඩුදී ඇති මහ බැංකුවේ වැටුප් වැඩිවීම් ගැන සියලු තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මහ බැංකුව විසින් පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට හෝ වෙනත් ඕනෑම කාරක සභාවකට මේ සම්බන්ධ සියලු තොරතුරු සහිත කරුණු පැහැදිලි කිරීමටත් මහ බැංකුව සූදානම් බවද මහ බැංකුව කියයි.

2019 වර්ෂයට පෙර මහ බැංකු සේවකයන්ගේ උපයනවිට ගෙවීමේ බදු ගෙවන ලද්දේ මහ බැංකුව විසින්ම බවත් එහෙත් 2019 වර්ෂයෙන් පසුව මහ බැංකු සේවකයන් විසින්ම එම බදු රජයට ගෙවිය යුතු බවත් මහ බැංකුව කියයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment