අන්තර් මෝසම සකී‍්‍රය නොවුණොත් දිනකට පැය 16 ක් අඳුරේ

239

* ඉංජිනේරුවෝ අනතුරු අඟවති

අපේ‍්‍රල් මාසයේදී අන්තර් මෝසම සකී‍්‍රය නොවුණහොත් දිනකට පැය 16 ක් පමණ විදුලිය කපා හැරීමට සිදුවන බව ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ අනතුරු අඟවති.

වත්මන් විදුලි අර්බුදයට දියහැකි එකම විසඳුම අනවශ්‍ය විදුලි පහන් නිවා දමා විදුලිය අරපරිස්සමින් භාවිත කිරීම පමණකැයි ද ඔව්හු කියා සිටිති.

තාප බලාගාර (ඉන්ධන) සඳහා අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම බරපතළ ගැටලූවක්ව ඇති මොහොතේ අඛණ්ඩව විදුලි බලය ලබාදීමට කුමන කි‍්‍රයා මාර්ගයක් ගත්තද ඒ සඳහා අතිවිශාල වියදමක් දැරීමට සිදුවන බව ඉංජිනේරුවෝ පවසති.

එනිසා සෑම නිවසකම අනවශ්‍ය විදුලි පහන් නිවාදමා කාර්යාලවල වායුසමන යන්ත‍්‍ර වීදි පහන් ආදිය නිවා දමන්නේ නම් පමණක් විදුලිය කපන පැය ගණන ඉතා අඩු කාලයකට සීමා කළ හැකි බවද ඔව්හු කියා සිටිති.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment