සතොස සුදුලූනු වංචාව හෙළි කළ තුෂාන් ඇමෙරිකාවට යයි

518

ලංකා සතොස ආයතනයේ සිදු වූ සුදුලූනු වංචාව ඇතුළු ආන්දෝලාත්මක සිදුවීම් රැුසක් රටට හෙළිකළ පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා ඊයේ (02දා) රාත‍්‍රි ඇමෙරිකාව බලා පිටත්ව ගියේය.

ලංකා සතොස ආයතනයේ වංචා ¥ෂණ මැඬ පැවැත්වීමට ඒ මහතා ගත් උත්සහයක් සඳහා ආයතන ප‍්‍රධානීන්ගෙන් සහායක් නො ලැබීම නිසා සිය තනතුරින් ඉවත්වීමට ඒ මහතා කටයුතු කළේය.

සේවයෙන් ඉවත්ව සිටිය දී ඒ මහතාට නොයෙක් තර්ජනවලට මුහුණදීමට සිදු වූ අතර ඒ මහතා ඒ සම්බන්ධයෙන් පොලිසියට පවා පැමිණිලි කර තිබුණි. තුෂාන් ගුණවර්ධන මහතා මීට පෙර රාජකාරිමය කටයුත්තක් සඳහා විදේශ ගතවීමට උත්සාහ කළ අවස්ථාවේ ගුවන් තොටුපළෙන් හරවා එවීමට ද කටයුතු කර තිබුණි.

තමාගේ විදේශගත වීම අත්හිට වූ නිලධාරීන්ට එරෙහිව තුෂාන් ගුණවර්ධන මහතා මේ වනවිට මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනුකර තිබෙන අතර වන්දිනඩුවක් සඳහා අවශ්‍ය නීති උපදෙස් ලබාගනිමින් සිටී. තුෂාන් ගුණවර්ධන මහතා විදෙස්ගතවීම අත්හිටවීමට පියවර ගත් නිලධාරීන්ට එම අත්හිටුවීම ඉවත් කරගෙන තිබෙන නිසා තමන් කෙටි කලකට රාජකාරිමය කටයුත්තක් සඳහා විදෙස් ගතවන බවද ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment