ගැබිනි බිරිඳගේ පැමිණිල්ලෙන් සිසුවියට අතවර කළ සැමියා කොටු

983

තම සැමියා විසින් තමා සහ බාල දරුවා මෑතක සිට මඟහරිමින් රාත්‍රී 12 පසුවී නිවසට පැමිණෙන බවට ගැබිනි බිරියක් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීමේදී එම සැමියා බාලවයස්කාර පාසල් දැරියක් ස්ත්‍රී දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව මහවිලච්චිය පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ දැරිය පදිංචි ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි තරුණයෙකි. මාස හයක ගැබිනියක් වන සැකකරුගේ බිරිඳ විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන මෙහෙයවා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකාර සැමියා පොලිසියට කැඳවා සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අදාළ දැරිය ගැන කරුණු අනාවරණය වී එම දැරිය මව සමඟ පොලිසියට කැඳවා සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී තම පෙම්වතා වන සැකකරු අතින් තමා අතවරයට ලක්වූ බව ප්‍රකාශ කළ බව පොලිසිය කියයි.

අනතුරුව බාලවයස්කාර දැරියක් අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මහවිලච්චිය පොලිසියේ නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරති.
මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment